අම්මා |
දසමස මා කුස හොවා මා වැදු මගේ අම්මා
කැත කුණු මගේ අතගාලා මා හැදු මගේ අම්මා
ඔබෙ පන මෙන් හැමදාමත් මා රැුකි මගේ අම්මා
ගෙදර බුදුන් ලෙස වඳිනෙමි ආදර මගේ අම්මා
රතු ලේ ඔබෙ සුදු කරලා මට පෙව් මගේ අම්මා
කුස පුරවා රස අහරින් මා වැඩු මගේ අම්මා
ගුණ නැණ මට හැමදාමත් පෙන්වූ මගේ අම්මා
උපදින හැම භවයකදිම පතනෙමි මගේ අම්මා
සාදු සාදු 🌺🌹🙏
ReplyDelete