Tuesday, July 2, 2019

අම්මා

  අම්මා


දසමස මා කුස හොවා මා වැදු මගේ                අම්මා
කැත කුණු මගේ අතගාලා මා හැදු මගේ        අම්මා
ඔබෙ පන මෙන් හැමදාමත් මා රැුකි  මගේ    අම්මා
ගෙදර බුදුන් ලෙස වඳිනෙමි ආදර මගේ          අම්මා


රතු ලේ ඔබෙ සුදු කරලා මට පෙව් මගේ        අම්මා
කුස පුරවා රස අහරින් මා වැඩු  මගේ            අම්මා
ගුණ නැණ මට හැමදාමත් පෙන්වූ මගේ       අම්මා
උපදින හැම භවයකදිම පතනෙමි මගේ        අම්මා



1 comment:

                                        රූමස්සල හා බැදි ජනශ‍්‍රැතිය හා ජනප‍්‍රවාද  රූමස්සල යනු ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර ප‍්‍...