Friday, July 12, 2019

වර්තමාන ශ‍්‍රී ලංකාවේ පවත්නා සෞඛ්‍ය ගැටළු සංක්ෂිප්තව

               
සෞඛ්‍යය යනු කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලද නිර්වචනයට අනුව, සෞඛ්‍ය යනු,සම්පූර්ණ ශාරීරික,මානසික හා සමාජීය නිරෝගී තාවයක් වන අතර රෝගයක් හෝ යම්කිසි දුබලතාවක් නොමැති වීම පමණක් නොවේ.1986 දී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නවීකරණය කරන ලද අර්ථ දැක්වීමට අනුව සෞඛ්‍ය යනු, එදිනෙදා ජීවිතයට සම්පතක් වන අතර ජීවත් වීමේ, පරමාර්ථයම පමණක් නොවේ. තවද සෞඛ්‍ය යනු, ශාරීරික ධාරිතාවයන් සමාජීය සහ පුද්ගල සම්පත් පිළිබඳ විග‍්‍රහ කෙරෙන ධනාත්මක සංකල්පය කි. පූර්ණ සෞඛ්‍යය යනු,ලෙඩරෝග වලින් තොරවීම පමණක් නොව සුවතාවය යි.සෞඛ්‍ය ප‍්‍රධාන කොටස් 04 කට බෙදේ.

  • කායික සෞඛ්‍යය (ශාරීරික සෞඛ්‍ය)
  • මානසික සෞඛ්‍යය
  • සමාජීය සෞඛ්‍යය
  • අධ්‍යාත්මික සෞඛ්‍යය

ශාරීරික සෞඛ්‍ය යනු, අඛණ්ඩ ව්‍යායාම, නිවැරැුදි ආහාර වේලක්, පෝෂණය සහ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම මඟින් ශාරීරික වශයෙන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම යි. මානසික සෞඛ්‍ය යනු, පුද්ගලයෙකුගේ හැඟීම් හා මානසික ක‍්‍රියාකාරීත්වයන් යහපත් මට්ටමක පවත්වා ගැනීම පිළිබඳව ගොඩනැඟුණු සංකල්පය කි. මේරියම් වෙබ්ස්ටර් විග‍්‍රහ කරන අන්දමට මානසික සෞඛ්‍ය යනු, එදිනෙදා ජීවත්වීමට අවශ්‍යතා සපුරා ගැනීමට හා සමාජයේ ක‍්‍රියාකාරී වීම සඳහා පුද්ගලයෙකු සංජානනය හා හැඟීම් භාවිතයට ගන්නා, හැඟීම් හා මානසික නීරෝගීතාවය ගැන විග‍්‍රහ කෙරෙන තත්ත්වය කි.

සමාජීය සෞඛ්‍ය යනු, සමාජය තුළ ජීවත්වීමේ දී යහපත් සමාජ ජීවිතයක් ගත කිරීම සඳහා ලැබී ඇති ඉඩ ප‍්‍රස්ථාව යි. එහි දී සමාජය තුළ එකිනෙකා අතර අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, එම සම්බන්ධතා පවත්වා ගෙන යාමටත් ඇති හැකියාව මෙහිලා අදහස් කෙරේ. සමාජය තුළ ජීවත් වීමේ දී, ආරක්ෂිත සමාජ වටපිටාවක් හා පොදුවේ යහපත් ජීවන රටාවක් ගෙනයාම සඳහා ඉඩකඩ සැලසී තිබීම මින් අදහස් කෙරේ

සංවර්ධන සන්නිවේදනය

සංවර්ධනය සඳහා සන්නිවේදනය යන සංකල්පය මුලින් ම හඳුන්වා දී ඇත්තේ යුනෙස්කෝ සංවිධානය යි. ඒ 1950 දශකයේ අගභාගයේදී යි.1970 දී සංවර්ධන සන්නිවේදනය යන යෙදුම මුල් වරට භාවිත කෙරිණි. පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ අර්ථකථනයක් 1960 දශකයේ අග දී ඉදිරිපත් කළේ ය.

සංවර්ධන සන්නිවේදනය යනු, රටක වේගවත් වෙනසක් සිදු කිරීමට යොදාගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාව කි.එමඟින් රටක පුළුල් ආර්ථික හා සමාජ සමානාත්මතාවක් ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා පුළුල්ව සම්පූර්ණ කළ හැකි ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ක‍්‍රියාත්මක කරන ලද සංවර්ධන සැලසුම් කාර්මික රටවල් ආශ‍්‍රිතව සාර්ථක විය. එහෙත් තුන්වන ලෝකයේ රටවල සංවර්ධන සැලසුම් අසාර්ථක වී තිබේ.ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කෙරිණි.ඒවායේ ප‍්‍රතිඵල ලෙස සංවර්ධනය සඳහා නව සන්නිවේදන ක‍්‍රමෝපායන් හඳුනා ගැණින.එය සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහි කිරීමට සාධක විය.තුන්වන ලෝකයේ රටවල් ලෙස ආසියා,අප‍්‍රිකා සහ ලතින් ඇමරිකා රටවල් දැක්විය හැකි ය. නොදියුණු හෝ ඌන සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටවල්, උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය, ජපානය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව, ඊශ‍්‍රායලය හෙවත් කාර්මික රටවල් පළමුවන ලෝකයේ රටවල් ලෙස හැඳින්වෙ යි.දෙවන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර යුරෝපීය රටවල් සහ ලතින් ඇමරිකා රටවල් ය.

සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රජාව සහභාගී කරවා ගැනීමට යොදාගත හැකි පෙළඹවීම් උපාය මාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන සංකල්ප බිහි විය. යම් රටක සමස්ත ප‍්‍රජා සංවර්ධනයට සංවර්ධන සංකල්පය පිටිවහල කි.එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සංවර්ධන සංකල්පය බිහි විය.

1980 දශකයේ දී සංවර්ධන සන්නිවේදන විවාදය නැවත ඇරැුඹිණි.එහි දී සංවර්ධන සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා උපකාර කරන සන්නිවේදනය ද ආදී කරුණු එහිදී අවධානයට ගැණිනි. රටක ජාතික සංවර්ධන ක‍්‍රියාවලියේ අන්තර්ගත කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය දැක්විය හැකි ය. සාම්ප‍්‍රදායික සමාජය නවීන සමාජයක් බවට පත් කිරීම සඳහා සන්නිවේදනය යොදා ගැනීම සංවර්ධන සංකල්පයෙන් දැක්වෙ යි. සංවර්ධනය යන්නෙන් ආර්ථික, සමාජ, සෞඛ්‍ය, සංස්කෘතික,අධ්‍යාපනික හා පරිසරාත්මක සංවර්ධනය අදහස් කෙරේ.

සංවර්ධනය, සංවර්ධනය ව්‍යාපෘති, දැනුම ආදිය පිළිබඳවත්, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සන්නිවේදනය මඟින් කෙරෙන කාර්යය සංවර්ධන සන්නිවේදනය යි. නැතහොත් රටක ජාතික සංවර්ධනය සඳහා ජනතාව දැනුවත් කිරීමටත්, පෙළඹවීමටත්, පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිණිය හෝ වෙනත් සාම්ප‍්‍රදායික සන්නිවේදන මාධ්‍ය භාවිතා කිරීම සංවර්ධන සන්නිවේදනය යි.

සංවර්ධන සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් වී ඇති නිර්වචන අතර මහාචාර්ය විමල් දිසානායක මහතාගේ මතය නම්, ජාතික සංවර්ධනය යනු, ප‍්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන කොටස්වල

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලූ මොනවාදැයි යන්න හඳුනා ගැනීමේ දී පෙන්වා දිය හැකි ගැටලූ රාශිය කි

  • හදිසි අනතුරුවලින් විශාල පිරිසක් මිය යාම. (වැඩි වශයෙන් තරුණ ප‍්‍රජාව)
  • දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය සඳහා යෞවන හා තරුණ ප‍්‍රජාව වැඩි වශයෙන් යොමු වීම.
  • බෝ නොවන රෝග බහුල වීම.
  • බෝවන රෝග ව්‍යාප්තිය කලින් කලට ශීඝ‍්‍රලෙස ඉහළ යාම.
  • කුඩා දරුවන්ගෙන් වැඩි පිරිසක් මන්දපෝෂණ තත්ත්වයෙන් හා අධිපෝෂණ තත්ත්වයෙන් පෙළීම.
  • සමාජ රෝග හා ලිංගාශ‍්‍රිත රෝග ව්‍යාප්තිය ඉහළ යාම.
  • දිනක දී සිදුවන ගබ්සා ප‍්‍රතිශතය ඉහළ යාම.
  • කුඩා, තරුණ, වැඩිහිටි යන සියලූ වයස් කාණ්ඩවලට අයත් පිරිස් ක්ෂණික ආහාර, කෘතීම පාන වර්ග      වර්ග පානයට පුරුදු වීම
  • කැළි කසල (දිරාපත් නොවන) හේතුවෙන් පරිසරය හා ජල දුෂණය සිදුවීම හේතුවෙන් සීඝ‍්‍රයෙන් ලෙඩ
  • සීඝ‍්‍රයෙන් ලෙඩ රෝග ව්‍යාප්ත වීම.
  • වාහනවලින්, කර්මාන්තශාලාවලින් පිටකරන අහිතකර කාබන්ඩයොක්සයිඞ් වායුව නිසා වායු ගෝලය දූෂණය වීම.
  • ළමා, තරුණ, වැඩිහිටි පිරිස්වල අයට ශ්වසනාබාධ ඇති වීම.
  • අහිතකර කෘෂි රසායනික (ග්ලයිෆෝසේට්) භාවිතය නිසා බෝග වගාවන්ගෙන් ලබාගන්නා අස්වැන්න  ශරීරයට අහිතකර වීම
  • ග‍්‍රාමීය ප‍්‍රජාවගෙන් වැඩි පිරිසක් දිළිඳු බවින් පෙලීම.
  • ග‍්‍රාමීය පිරිමි පුදුගලයන් වැඩි වශයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍යය භාවිතයට නැඹුරු වීම.
  • ග‍්‍රාමීය,නාගරික දිළිඳු ප‍්‍රජාවට ඖෂධ සඳහා වියදම් කිරීමට ප‍්‍රමාණවත් මුදල් නොමැති වීම.
  • ග‍්‍රාමීය, වැඩිහිටි ප‍්‍රජාවගෙන් වැඩි පිරිසක් නොදියුණු ප‍්‍රතිකාර ක‍්‍රම, ඖෂධ ලබාගැනීමට යොමු වීම.
  • රෝහල්වල සෞඛ්‍ය පහසුකම් සීමිත වීම.
  • වෛද්‍යවරු හා හෙදියන් ප‍්‍රමාණවත් පිරිසක් රෝහල්වල නොමැති වීම.
  • රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමේ දී පවා ෆාමසිවලින් ලබාගන්නා ඖෂධ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදු වීම.
  • නාගරික ජනගහන වර්ධනය නිසා යටිතල පහසුකම් නිසි අයුරින් නොලැබීම. (වැසිකිලි/ කැසිකිලි/ජලය)
  • මුඩුක්කු නිවාස සංස්කෘතිය තුළ ලිංගික රෝග හා මත්ද්‍රව්‍යය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම.
  • සියදිවි නසාගැනීම් ප‍්‍රතිශතය වැඩි වීම.
  • සමාජය තුළ ජීවත්වන සෑම පුද්ගලයෙකුම පාහේ කුමන හෝ මානසික රෝගයකින් පීඩා විඳීම.
  • මිනිසුන් තුළ පවත්නා ආකල්පමය වැරදි.
  • තමා පිළිබඳව පවත්නා හීනමානය (තමාට කිසිවක් කළ නොහැකි යැයි සිතීම).
  • මිනිසුන් වැඩි වශයෙන් හුදකලා ජීවිතයකට පුරුදු වීම.
  • පරාර්ථකාමී හැඟීම් වෙනුවට ආත්මාර්ථකාමී හැඟීම් මිනිසුන් තුළ වර්ධනය වීම.
  • ඖෂධ මාෆියාව නිසා දිළිඳු ජනතාව තවතවත් අපහසුතාවලට ලක්වීම.
  • තරුණ ප‍්‍රජාවගෙන් වැඩි පිරිසක් ඇස් පෙනීමේ දුර්වලතාවලින් පසුවීම.
  • සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සඳහා රජය මඟින් වෙන් කරන මුදල් ප‍්‍රමාණවත් නොවීම.
  • කුඩා දරුවන්ගෙන් වැඩි පිරිසක් දන්ත ආසාදනවලින් පෙලීම.

වර්තමාන ශ‍්‍රී ලංකාවේ පවත්නා සෞඛය ගැටළු පිළිබද විවරණය

වර්තමාන ශ‍්‍රී ලංකාවේ පවත්නා සෞඛ්‍ය ගැටලූ අතර, ප‍්‍රධාන ගැටලූ රාශියක් හඳුනා ගත හැකි ය. ඒ අතරින් ශ‍්‍රී ලංකාවේ මෙන් ම බස්නාහිර පළාතේ ද ප‍්‍රධාන සෞඛ්‍ය ගැටළු බවට පත් වන්නේ හදිසි අනතුරු, ඩෙංගු, ඒඞ්ස්, බෝවන රෝග සහ බෝනොවන රෝග සහ සුරාව දුම්වැටි හා මත්ද්‍රව්‍යය භාවිතය වැඩි වශයෙන් ව්‍යාප්තව පැවතීම යි.

  •  දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය සඳහා තරුණ ප‍්‍රජාව වැඩි වශයෙන් යොමු වීම

වර්තමාන සමාජය තුළ ප‍්‍රබලම සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇත්තේ, දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය සඳහා යෞවන වයසේ සහ තරුණ පිරිස් වැඩි වශයෙන් යොමුවීම යි.අරක්කු, සිගරට්, බියර් පානයටත්, දුම්වැටි පානය සඳහාත් ගංජා, අබිං, හෙරොයින්, කංසා වැනි මත්ද්‍රව්‍ය භාවිතයටත් පාසල් දරුවන් මෙන් ම තරුණ පිරිස් වැඩි වශයෙන් යොමු වී ඇත. ඔවුන්ගේ විනෝදාංශයක් බවට අද වන විට ඒවා පත්ව ඇත. මේවා හේතුවෙන් විශාල පිරිසක් රෝගීන් බවට පත් වීම සිදු වේ. දුම්වැටි හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පෙනහළු පිළිකා මෙන් ම, ශ්වසනාබාධයන්ද හට ගනු ලබ යි. අඩු වයසින් මරණයට පත් වීමත් මෙවැනි රෝග සඳහා සෞඛ්‍ය අංශවලට විශාල පිරිවැයක් වසරකට යෙදීමට සිදුවීමත් නිසා සෞඛ්‍ය ගැටලූ උත්සන්න වී ඇත.

  •  හදිසි අනතුරුවලින් විශාල පිරිසක් මිය යාම. (වැඩි වශයෙන් තරුණ ප‍්‍රජාව)

හදිසි අනතුරු හේතුවෙන් ලංකාව පුරා දිනකට මියයන සංඛ්‍යාව 06 ක් පමණ වේ. යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවටත් වඩා වැඩි සංඛ්‍යාවක් රිය අනතුරු නිසා මියයති. මාර්ග අනතුරු වසරකට මිලියන1.3 ක් ජීවිත බිලි ගනී. ශ‍්‍රී ලංකාවේ සෑම මිනිත්තු 10 කට වරක් මාර්ග අනතුරක් වාර්තා වෙයි. මහා මාර්ගයේ දී සෑම පැයකට වරක් දෙදෙනෙකු අනතුරට ලක් වෙති. සෑම පැය 04 කට වරක් එක් පුද්ගලයෙකු මාර්ග අනතුරක් නිසා ජීවිතය අහිමි කරගනී. රිය අනතුරුවලින් මියයන බොහෝ පිරිසක් වයස අවුරුදු 15-29 අතර වයසේ තරුණ පිරිස් ය. මාර්ග අනතුරුවලින් මියයන සහ තුවාල ලබන අය අතරින් සියයට අනූවකට වැඩි පිරිස අඩු ආදායම්ලාභීන් සහ මධ්‍යම පාංතිකයින් ය. එනම්, (යතුරුපැදිකරුවන්, බයිසිකල්කරුවන් සහ ත‍්‍රීවීල්වලින් ගමන් කරන්නන් ය.) මාර්ග අනතුරුවලට බලපාන ප‍්‍රධාන හේතූන් වන්නේ, වර්තමානයේ වාහන භාවිතය සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති නිසා මහා මාර්ගවලට ඔරොත්තු නොදෙන තරම් ප‍්‍රමාණයේ වාහන සංඛ්‍යාවක් ගමන් කිරීම යි. අධික වේගයෙන් රිය පැදවීම, නොඉසිලිමත්, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, මධ්‍යසාර භාවිතා කොට රිය පැදවීම, පදිකයන් නොසැලකිලිමත් ලෙස මහා මාර්ගයේ ගමන් කිරීම හා මහා මාර්ගය හරහා මාරු වීම ද, මාර්ග නීති නොතකමින් රිය ධාවනය ද මාර්ග අනතුරුවලට බලපා යි

  •  බෝවන රෝග ව්‍යාප්තිය කලින් කලට ශීඝ‍්‍රලෙස ඉහළ යාම.

බෝවන හා බෝනොවන රෝග ව්‍යාප්තිය ශ‍්‍රී ලංකාව තුළද, ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූවක් බවට වර්තමානයේ පත්ව ඇත.

 බෝවන රෝග

බෝවන රෝග ලෙස හැඳින්වෙන්නේ එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය ඇති කිරීමේ හැකියාව නිසා ය. මෙහි ව්‍යාප්තිය ස්පර්ශය මඟින් හා වෙනත් ක‍්‍රම මඟින් ද සිදු වේ. ඒවා නම්, ආසාදිත දේහ තරල, අපවිත‍්‍ර වූ ආහාර, ජලය, වාතය හා ආසාදිත රෝග වාහකයන් මඟිනි.

බෝනොවන රෝග

බෝනොවන රෝග යනු, පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය නොවන ජානමය හේතු හෝ අහිතකර ජීවන රටා හේතුකොටගෙන ඇතිවන රෝග වේ

ප‍්‍රධාන බෝනොවන රෝග

හෘද රෝග, කිරීටක ධමනි ආශ‍්‍රිත රෝග, අධික රුධිර පීඩනය, ආඝාතය හෙවත් අංශභාගය, දියවැඩියාව, පිළිකා, නිධන්ගත ස්වසන රෝග(ඇදුම), අපෙන්දිචිට්ස්, තැලිසීමියාව. බෝනොවන රෝග නිධන්ගත රෝග ලෙසින්ද වර්ග වේ. එය ප‍්‍රධාන කොටස් 02කින් සමන්විත වේ.

  • බෝනොවන නිධන්ගත රෝග
  • බෝවන නිධන්ගත රෝග

බෝනොවන නිධන්ගත රෝග ලෙසින්, අධි රුධිරපීඩනය, දියවැඩියාව,ඇදුම,බොහෝ පිළිකා වර්ග,බොහෝ ජානගත රෝග. බෝවන නිධන්ගත රෝග ලෙසින්,ඒඞ්ස්,ලාදුරු ආදිය පෙන්වා දිය හැකි ය.
බෝනොවන රෝග වැළඳීමට හේතු වන්නේ, නාගරීකරණය,කාර්මීකරණය, ආදී හේතු නිසා ජීවිතයේ ආහාර රටා වෙනස් වී ක්ෂණික ආහාර ගැනීමට පුරුදු වීම නිසා තෙල්, මේද ආහාර හා සීනී අඩංගු ආහාර ගැනීමට යොමු වීම ය.

  •  බෝ නොවන රෝග

ග‍්‍රැස්ට‍්‍රයිටිස් රෝගය

බෝනොවන රෝග අතුරින් භයානකම ආමාශගත රෝගයක් ලෙස ප‍්‍රධාන තැනක් ගනු ලබන්නේ ගැස්ට‍්‍රයිටිස් ය. අප බොහෝ කලක් පුරා ආහාර ගැනීමේ දී ඇති කරගෙන සිටින අයහපත් ආහාර පුරුදු හා ආහාරයේ පමණ නොදැන අනුභව කිරීම මෙම රෝගී තත්ත්වයට ප‍්‍රධාන හේතුව වී ඇත. මෙම රෝගය ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතු,

  • නිසි වේලාවට ආහාර නොගැනීම.
  • නොදිරවන සුලූ ආහාර, පිටි වර්ග බහුල ආහාර ගැනීම (විශේෂයෙන් ඊට්ස් අඩංගු ආහාර) මෙන් ම අධික  තෙල් සහිත කෑම බහුල වශයෙන් ආහාරයට ගැනීම. 
  • ක්ෂණික ආහාර වලට ඇබ්බැහි වීම.
  • මානසික ආතතිය.
  • මත්පැන් පානය කිරීම.
  • වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි සිතේ ඇතිවන කිළිටි සහගත සිතුවිලි ආදිය යි

අධිරුධිර පීඩනය

කෙනෙකුගේ සිරුරේ රුධිරය ගෙනයන රුධිර ධමනිවල බිත්තිමත රුධිරයේ ඇති කරනු ලබන තෙරපුම රුධිර පීඩනය යි. එම අගය 140/40 හෝ ඊට වැඩි අගයක් දිගු කලක් තිස්සේ පවතී නම් එය අධිරුධිර පීඩනය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ප්‍රෙෂර් ලෙස හඳුන්ව යි. කලාන්තය, හිසරදය වැනි රෝග ලක්ෂණ පීඩනය අධිකවීමක දී ඇති විය හැකි ය.මෙය  ඕනෑම වයසකදී ඇති විය හැකි වුවත් වයස අවුරුදු හතළිහකට වැඩි පුද්ගලයන් මේ ගැන සැලකිලිමත් විය යුතු ය.

අධිරුධිර පීඩනය ඇති වීමට හේතු ලෙසින්,

  •  ධිරුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගෙන් වැඩි දෙනෙකු ම (95%)එම තත්ත්වය වකුගඩු ආබාධ වැනි   තත්ත්වයක අතුරුඵලයක් ලෙස හඳුනාගත හැකි ය.
  •  අධික ලූණු සහ ලූණු අධික ආහාර භාවිතය (කරවිල සොසේජස් වැනි)
  •  තරබාරු බව/ ව්‍යායාම මඳි බව.
  •  පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් අතර අධිරුධිර පීඩනය පැවතීම.
  •  මත්පැන් භාවිතය හා දුම්පානය.
  •  දිගු කලක් තිස්සේ පවතින මානසික ආතති ය.

අංශභාගය (ඡු්ර්කහිසි)

මොළයේ සිදුවන යම් හානියක් නිසා ශරීරයේ එක් පැත්තක් සම්පූර්ණයෙන් ම අඩපණ වීම අංශභාගය යි. මෙයට හේතු රාශියක් තිබුණ ද රුධිර පීඩනය වැඩි වී රුධිර වාහිනියක් පුපුරා යාම ප‍්‍රධානම හේතුව යි. තවද රුධිර පීඩනය ඉහළ යාමක දී රුධිරය තල්ලූ කිරීමට හදවතට වැඩි කාර්යභාර්යක් ඉටු කරයි. මෙවැනි අවස්ථාවක රෝගියා තුළින් කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවීම රුධිර මට්ටම ඉහළ යනු ඇත. රුධිර පීඩනය 140/90 හෝ ඊට වැඩි අගයක් ගැනීම අංශභාගය ඇති වීමේ අවධානම සය ගුණයකින් ඉහළ යනු ඇත. රෝගීන්ගෙන් 40%-90% අතර ප‍්‍රමාණයක් ආඝාතය හෙවත් අංශභාග තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැකි ය.

දියවැඩියාව

සාමාන්‍ය භාවිතයේ දී දියවැඩියාව ලෙස ද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තිය ක‍්‍රියාවන් හි අක‍්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම නිසා ඇතිවන රෝගී තත්ත්වය කි. මෙය සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙන් සිදුවන්නකි. මෙහි ආවේණික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ යාම නිසා ඇතිවන අධික ලෙස මුත‍්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, ග්ලූකෝස් මට්ටම ඉහළ යාම නිසා ඇස් පෙනීම බොදවීම, බර අඩු වීම හා කම්මැලිකම යි.

දියවැඩියාව ඇති වන්නේ අග්න්‍යාශය මඟින් ප‍්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ ෙසෙල ඉන්සියුලින් වලට අනුකූලතා නොදැක්වීම නිසා ය.දියවැඩියාවේ ආකාර 03කි.

  • ඔහචැ 1 ාප :- දේහයට ප‍්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීමෙන් ඇති වේ.
  • ඔහචැ 2 ාප :- ඉන්සියුලින් වලට ප‍්‍රතිරෝධය නිසා හට ගනී.
  • ගර්භනික දියවැඩියාව :- රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉතා ඉහළ යාම මඟින් ඇති වේ.

පිළිකා

පිළිකා යනු, සිරුරේ ෙසෙලවල ඇතිවන රෝගී තත්ත්වය කි. විවිධාකාරයේ ෙසෙල සිරුරේ පවතින අතර විවිධාකාරයේ පිළිකා එම ෙසෙලවලින් හටගනී. බටහිරට පමණක්සීමා වූ මෙය අද වන විට ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත.  ඕනෑම වයස් කාණ්ඩයක මිනිසුන්ට වැළදෙනවා වගේ ම ගෘහාශ‍්‍රිත කොටි, වලස්, ගෝන, මුව ආදී සතුන් අතර ගහකොළවල ද මෙම ලක්ෂණය දක්නට ඇත. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක් ම පිළිකාවක් නොවේ. පිළිකා ෙසෙල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය ෙසෙල වලින්ම ය. පිළිකා වර්ග 03 කි.

  • ඛාසිනෝමාවන් (ජ්රජසබදප්ි)
  • සාකෝමාවන් (ි්රජදප්ි)
  • ලියුකේමියාව (කැ්නැමපස්)

පිළිකා ඇතිවීම සඳහා බලපාන හේතූන් :-

  •  අධික දුම්කොළ භාවිත ය.
  •  අධික මත්ද්‍රව්‍ය භාවිත ය.
  •  රැකියා ආශ‍්‍රිත හේතූන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)
  •  පරිසර දුෂණය ආශ‍්‍රිත හේතූන් (වායු/ජලය/පස)
  •  ආහාර රටාවේ වෙනස්කම් (ක්ෂණික හා කෘතී‍්‍රම)
  •  ඖෂධවල බලපෑම
  •  විකිරණවල බලපෑම
  •  දීර්ඝ කාලීන ආසාදන
  •  ප‍්‍රතිශක්ති ඌනතා
  •  ප‍්‍රවේණිගත තත්ත්වයන් ය.

වකුගඩු රෝගය

කාලික වකුගඩු අකරණිය යනු, ක‍්‍රම ක‍්‍රමයෙන් කාලයත් සමඟ වකුගඩු ක‍්‍රියාකාරිත්වය පහළ බැසීම යි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව (ක්‍යදරබසජ ණසාබැහ ෘසිැ්ිරු :ක්‍ණෘ) ලෙස හැඳින් වේ. රෝග ලක්ෂණ පහළ වන්නේ වකුගඩු වලින් 90% ක් පමණ අකර්මණ්‍ය වූ පසුව ය.
වකුගඩු රෝගීවීම සඳහා බලපාන හේතු,

  • අධික රුධිර පීඩනය.
  • දියවැඩියාව
  • පඨකවල සිදුවන අසාමාන්‍ය වර්ධනයන් හා මුත‍්‍රා ආසාධන
  • පානීය ජලය තුළ ඇති කිවුල ගතිය.
  • මුත‍්‍රා ආසාදන
  • ඇලූමිනියම් භාජනවල ආහාර පිසීම.
  • අව් රශ්මියට දිගු වේලාවක් නිරාවරණය වීම.
  • බැර ලෝහ හා කෘෂි රසායනික ද්‍රව්‍ය අධික මාත‍්‍රාවන්ගෙන් ශරීර ගත වීම.
  • නෙළුම් අල ආහාරයට ගැනීම.

වකුගඩු රෝගයේ රෝගී තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති ප‍්‍රදේශ ලෙසින් උතුරු මැද ප‍්‍රදේශය මෙන් ම අනුරාධපුරය, පදවිය, මැදවච්චිය, පොළොන්නරුව, මැදිරිගිරිය, ගිරාදුරුකෝට්ටේ, ඇළහැර, නිකවැව ආදී ප‍්‍රදේශ රැුසක ව්‍යාප්ත වී ඇත. එනමුත් උතුරු මැද පළාතෙන් ඇරඹි රට පුරා ව්‍යාප්තව ඇති වකුගඩු රෝගයට හේතු වී ඇත්තේ ඉහත ජනප‍්‍රිය හේතු පමණක්ම නොවේ.එමනිසා එම රෝගය මුල්කාලීනව හඳුනා නොගත් වකුගඩු රෝගය යනුවෙන් හඳුන්වන ලදි.
වකුගඩු මඟින් සිදු කරන්නේ රුධිරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම ආදිය යි. වකුගඩු අකර්මන්‍ය වූ විට රුධිරයේ ඇති අපද්‍රව්‍ය වැඩි වී රෝගී තත්ත්වයන් ඇති වේ. වකුගඩු මඟින්,

  •  ස‍්‍රාවය කිරීම.
  •  රුධිරයේ ඇති අපද්‍රව්‍ය හා ග්ලූකෝස් හා ජලය පෙරා ඉවත් කිරීම.
  •  පෙරූ ද්‍රාවණයේ අඩංගු වන පෝෂණ ද්‍රව්‍ය නැවත රුධිරයට උරා ගැනීම. ආදිය යි.

බොහා් විට මැදි වයසේ කෘෂිකර්මාන්තයේ නියැලූණු ගොවීන්ට වැළදුණු මෙම රෝගය වර්තමානයේ කුඩා දරුවන් ද විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වනු දැකිය හැකි ය.
වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ ලෙසින්,

  •  ඇග ඉදිමීම
  •  ඇග සුදුමැලි වීම
  •  තෙහෙට්ටුව
  •  අධික ලෙස හිසේ කැක්කුම
  •  කොන්දෙ කැක්කුම
  •  ඔක්කාරය හා වමනය ගතිය
  •  කෑම අරුචිය
  •  නින්ද නොයෑම
  •  හුස්ම ගැනීමට අපහසු වීම
  •  එක් දෙයක් කෙරෙහි අවධානය රදවා ගත නොහැකි වීම ආදිය යි.


  • බෝ වන රෝග

ඩෙංගු රෝගය

ඩෙංගු රෝගය යනු, වෛරසයක් මඟින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවෙකු වාහකයක් ලෙස ක‍්‍රියාකර යි. ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේ දී වෙනස් වෛරසයන් ක‍්‍රියා කර යි. (ාැබ 1, ාැබ 2 , ාැබ 3, ාැබ ) ඩෙංගු ආසාදනය නිසා රෝග තත්ත්වයන් විශාල පරාසයක් තුළ විහිදෙනු ඇත.

ඩෙංගු උණ රෝගයේ දී එකවර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතුපැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවල දී ලේ ගැලීම් තත්ත්වයන්(විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්) ඇතිවේ.

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව‍්‍රර රෝගී තත්ත්වයක් වන අතර, ඉතා කුඩා සංඛ්‍යාවක් හට මෙම රෝගී තත්ත්වය ඇති වේ.

  •  මෙවැනි රෝගියෙකුගේ ලක්ෂණ

නොනවත්වා වමනය කිරීම,බඬේ කැක්කුම,තද පිපාසය,අධික නිදිමත බව හා සිහිමද ගතිය,අහාර ප‍්‍රතික්ෂේප කිරීම,අසාමාන්‍ය ලේ ගැලීම් තත්ත්වයන් උදාඔසප් චක‍්‍රයේ දී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම.

  •  ඩෙංගු බෝවන ආකාරය

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඞ්ස් වර්ගයේ ගැහැණු මදුරුවන් මඟින් පතුරුවයි.මෙම මදුරුවන් තුලට වෛරසය ඇතුලූ වන්නේ,ඩෙංගු වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකු දෂ්ඨ කිරීමෙනි.

ඒඞ්ස් රෝගය ්ෂෘී

ඒඞ්ස් රෝගය බෝකරන වෛරසය මානව ප‍්‍රතිශක්ති ඌනතා (්‍යෂඪ) නමින් හඳුන්වයි. ඒඞ්ස් රෝග කාරක විසබීජ ්‍යෂඪ වෛරසය නමින් හඳුන්වයි. ්‍යෂඪ වෛරසය ශරීරයට ආසාදනය වීමෙන්, ක‍්‍රමයෙන් එය ශරීරය තුළ සීඝ‍්‍රයෙන් වර්ධනය වේ.

ප‍්‍රතිශක්තීකරණය හීනවීම හේතු කොටගෙන ඒඞ්ස් රෝගීන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, මධ්‍ය ස්නායු පද්ධතිය, මෞත‍්‍ර ලිංගික පද්ධතිය හා චර්මය දරුණු විසබීජ ආසාදනයන්ට ලක් වී, අවසානයේ රෝගියා මිය යාමට හේතු කාරක වේ.

දෙසැම්බර් 01 වන දා ලෝක ඒඞ්ස් දිනය යි. මෙම වෛරසය රෝගී සිරුරකින්, නිරෝගී සිරුරකට ලිංගික ඇසුරක් වැනි අවස්ථාවක දී ද සියුම් පටකවලට හානි සිදු වූ අවස්ථාවක දී ද වෛරසය ශරීරගතවීමට හේතු වේ. විශේෂයෙන්ම ආසාදිත පුද්ගලයා ලිංගික හර්පීස් වැනි රෝගී තත්ත්වයකින් පෙලෙන්නේනම් ඔවුන්ගේ ශරීරවලට දැනටමත් තුවාල වී තිබේනම් ඉතා පහසුවෙන් ආසාදනය වීම සිදුවේ. එසේම මත්ද්‍ර්‍යවලට ඇබ්බැහි ්‍යෂඪ වෛරස ආසාධිතයින්, භාවිතා කරන එන්නත් කටු මඟින් සිරුරට මත්ද්‍රව්‍ය විද ගැනීම මඟින් හෝ වෙනත් ඹෟෂධ නික්ෂේපනය මඟින් බෝ විය හැකි ය. එසේම ආසාධිතයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ලබා දීමේ දී ද ්‍යෂඪ වෛරසය බෝ විය හැකිය. මීට අමතරව රෝගියා භාවිතා කළ රේසර්, බ්ලේඞ් , දත් බුරුසු මඟින් ද බෝ වීමට හැකිය.

ශ‍්‍රී ලංකාවේ ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන වැඩසටහන් වාර්ථාව ප‍්‍රකාශ කරන පරිදි 2009 වර්ෂය අවසානය වන විට ලංකාවේ වාර්තා වී ඇති එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව 1196කි. ඉන් 309 දෙනෙකු ඒඞ්ස් රෝගයට ගොදුරු වී තිබේ. සිදු වී ඇති මරණ ප‍්‍රමාණය 202 කි. මීට ප‍්‍රධාන හේතු වී ඇත්තේ, ප‍්‍රමාණවත් ලිංගික දැනුමක් නොමැති වීම, අනාරක්ෂිත ලිංගික ඇසුර, තම විවාහක සැමියා හෝ භාර්යාවට අමතරව බොහෝ අය සමඟ පවත්වන ලිංගික ඇසුර, ගණිකා නිවාස බිහි වීම, යෞවන වයසේ පසු වන්නන් වැඩි වශයෙන් ඒ සඳහා යොමු වීම සහ සංචාරක ව්‍යාපාරය මේ සඳහා ප‍්‍රබලව හේතු කාරකයන් වේ. එච්.අයි.වී. ඒඞ්ස් හෝ වෙනත් ආගන්තුක රෝග සංක‍්‍රමණිකයන් මඟින් වැඩිපුර ව්‍යාප්ත විය හැකි ය.සංක‍්‍රමණිකයන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු අවස්ථා 04 කදී ඇති විය හැකි ය. සංක‍්‍රමණයට පෙර, චාරිකාව තුළ(රට තුළ සිට ගමනාන්තය දක්වා, ගමනාන්තයේ දී සහ නැවත පැමිධෑමෙන් පසුව) යනා දී වශයෙ නි.

තවද ලංකාවේ දිනකට බාල වයස්කාර දරුවන් ගබ්සා 500කට වඩා සිදු කරගනී. ප‍්‍රමාණවත් ලිංගික දැනුමක් නොමැති වීම, ජීවත්වන පරිසරය හේතු කොටගෙන දරුවන් මේ තත්ත්වයට පත් වී ඇත. බොහෝ බාලවයස්කාර දරුවන් වැඩිහිටි පුද්ගලයන්ගේ ලිංගික ගොදුරු බවට පත් වීමද, ගණිකා වෘත්තිය සඳහා යොමුවීමද මේ හේතුවෙන් සිදු වේ.

ඇදුම රෝගය

ඇදුම රෝගය  ඕනෑම වයසක ඇති විය හැකි ය. කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට වැළදෙන ප‍්‍රමාණය සාපෙක්ෂව ගත් කල වැඩි ය. ස්වාස නාලයේ ඇතුලත ඉදමීම සහ නිපදවෙන සෙම නිසා ස්වසන මාර්ගය අවහිර වීම මෙහි දී සිදු වේ.

ඇදුම රෝගය ඇති වන්නේ ඇයි?

  •  සීත ආහාර ලබා ගැනීම.
  •  අළුයම හෝ රාත‍්‍රියේ සීතල ජලය ස්නාන ය.
  •  නිතර වැළදෙන සෙම්ප‍්‍රතිශ්‍යාවට බෙහෙත් ලබා නොගැනීම.
  •  සුරතල් සතුන්ගේ සහ සෙල්ලම් සතුන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුල්වීම.
  •  දුම්වල බලපෑමෙන්(වාහනවල දුම, සිගරට්වල දුම)
  •  කාලගුණය වෙනස්වීම
  •  පරිසර දුෂණය
  •  ඇතැම් සුවඳ විලවුන් වර්ග
  •  ඇතැම් රැුකියාවල බලපෑම (මැණික් කැපීම)
  •  දිගුකාලීන පීනස සහ ගැස්ට‍්‍රයිටීස්

ක්ෂය රෝගය

ක්ෂය රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (ඵහජදඉ්ජඑැරසමප ඔමඉැරජමකදිසි) නම් බැක්ටීරියාව මඟින් වැළඳේ. රෝගියකු කසින විට, කිවිසුම් අරින විට, වාතයට මුසුවන මේ බිදිති මඟින් ආශ්වාසය හරහා රෝගය වැළඳේ. බැක්ටීරියාව ශරීරගත වන සෑම පුද්ගලයෙකුම රෝගයට ගොදුරු නොවේ. එහෙත් රෝග කාරක බැක්ටීරියාව නොමැරී බොහෝ කලක් සිරුර තුළ පවතී. එක් එක් පුද්ගලයාගේ ප‍්‍රතිශක්තිය අනුව රෝගය වැළඳේ.

ප‍්‍රතිශක්තිය හීන වූ කල නිරායාසයෙන් ම රෝ්ගයට ගොදුරු වේ.මන්ද පෝෂණය, එච්.අයි.වී ආසාදිතයින්, දියවැඩියාව, මත් වතුර, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැනි ප‍්‍රතිශක්තිය ඌන පුද්ගලයන්ට පහසුවෙන් රෝගය බෝවේ. පෙනහළු ගත ක්ෂය රෝගීන් 80% ක් පමණ වන අතර, සිරුරේ  ඕනෑම ස්ථානයක ක්ෂය රෝගය ඇති වේ. ක්ෂය රෝගය වඩාත් පැතිර යන්නේ පෙනහළු ආශ‍්‍රිත රෝගීන්ගෙනි. සති දෙකකට වඩා පවතින කැස්ස මෙහි ප‍්‍රධාන රෝග ලක්ෂණය වේ. මද උණ ගතිය, රාත‍්‍රි කාලයේ දහඩිය දැමීම, බර අඩුවීම, අධික වෙහෙස, පපුව රිදීම හෝ සෙම් සමඟ ලේ පිටවීම රෝග ලක්ෂණ වේ. රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇති විට නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ය.

කක්කල් කැස්ස

කක්කල් කැස්ස ශ්වසන මාර්ගයේ බැක්ටීරියා ආසාදනයක් ඇතිවන බෝවන රෝගය කි. මෙය සුලබ වන්නේ, ළමා අවධියේ වුව ද  ඕනෑම වයසක පුද්ගලයෙකුට බෝ විය හැකි ය.

රෝග ඛාරකය :- බොඞ්ටෙල්ලා පටර්සීස් (ඊදරා්එැකක් චැරඒිසි) නැමැති බැක්ටීරියාව යි.

රෝගය පැතිරෙන ආකාරය :- රෝගීන් කසින විට හා කිවිසීමේ දී බැක්ටීරියා සහිත ශ්වසන බිඳිති වාතයට මුදා හැරෙන අතර ඒවා ආග‍්‍රහණය කිරීමෙන් කක්කල් කැස්ස බෝවේ. එමෙන් ම රෝගීන් පරිහරණය කළ භාණ්ඩ ස්පර්ශය කිරීමෙන්, ඒවායේ බැඳුණු රෝග කාරක විෂබීජ පැතිරීම් සිදු වේ.

ඉන්ෆ්ලූවෙන්සා

ඉන්ෆ්ලූවෙන්සා යනු, ඉන්ෆ්ලූවෙන්සා වෛරස් මඟින් මිනිසාට ඇති කරන බෝවන රෝගය කි. ශ‍්‍රී ලංකාව තුළ දැනට පැතිර යමින් පවතින ඍතුමය ඉන්ෆ්ලූවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනා ගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලූවෙන්සා වෛරස් මාදිලි දෙකක් වන ්‍ය1භ1 හා ්‍ය3භ2 සහ ඉන්ෆ්ලූවෙන්සා ඉ ය. මෙම වෛරස් ආසාදනය මඟින් ඇති කරන රෝග ලක්ෂණ ලෙස, උණ, කැස්ස සහ සෙම්ප‍්‍රතිශ්‍යාව හැඳින්විය හැකි අතර, බොහෝ විට කිසිඳු ප‍්‍රතිකාරයකින් තොරව ම සුව වේ. නමුත් ඇතැම් පුද්ගල භාණ්ඩවලට මෙම වෛරස් ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හට ගැනීමට වැඩි අවධානමක් ඇත.

මන්දපෝෂණය

මන්දපෝෂණයද ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රබලව සෞඛ්‍ය ගැටලූවක් බවට වර්තමානයේ පත්ව ඇත. මන්දපෝෂණයෙන් මියයන බාලවයස් දරුවන් ප‍්‍රමාණය 34,000 ක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල අසූ කෝටියක් ජනතාවට ප‍්‍රමාණවත් ආහාර වේලක් නොලැබේ. ශ‍්‍රී ලංකාවේ 30% ක් මන්දපෝෂණයෙන් පෙළේ. එමෙන් ම ශ‍්‍රී ලංකාව තුළ ග‍්‍රාමීය සහ නාගරික පෙදෙස්වල මුඩුක්කු පරිසරයේ ජීවත් වන බහුතර කුඩා දරුවන් මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළේ.

  •  දුගීභාවය.
  •  ප‍්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාර නොලැබීම.
  •  සෞඛ්‍ය පහසුකම් හිඟ වීම.
  •  පාසල් දරුවන්ගෙන් බොහෝ පිරිසක් උදෑසන ආහාරය නොගැනීම.

ආදී හේතූන් නිසා මන්දපෝෂණය ඇති වී තිබේ.

එසේම බාල තරුණ වැඩිහිටි ආදී සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් අධික මේදය, පිෂ්ඨය හා ප්‍රෝටීන් සහිත ආහාර නිතර අනුභව කිරීමෙන් අධික තරබාරු තත්ත්වයට පත්ව ඇත. අධික තරබාරුව ලෙඩ රෝග රුසකට මූලික වේ. විශේෂයෙන්ම අධිරුධිර පීඩනය සඳහා බලපායි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ඊඵෂ අගය 23 - 24 ක් වේ. මේ අගය ඉක්මවන විට තරබාරු පුද්ගලයෙකු ලෙස පිළිගැනේ. අධික තරබාරුව හේතුවෙන් පුද්ගලයින් ආකර්යක්ෂම වේ. කම්මැලි ස්වාභාවයට පත් වේ. වැඩ මඟ හැරීමට හෝ අතපසු කිරීමට ලක් කරයි.

වර්තමාන ශ‍්‍රී ලංකාවේ පවත්නා තවත් ප‍්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් වන්නේ කුඩා, තරුණ, වැඩිහිටි යන සියලූ වයස් කාණඩවලට අයත් පිරිස් ක්ෂණික ආහාර රටාවක් සඳහා පුරුදු වී සිටීම යි. කෘතී‍්‍රම රසකාරක හා වර්ණකාරක යෙදු ක්ෂණික ආහාර හා පාන වර්ගයන්ට බොහෝ පිරිස් ඇලූම් කරති. ක්ෂණික නූඞ්ල්ස්, රයිස්, කොත්තු, ෆැස්ටා වැනි ආහාර අද ජනප‍්‍රිය ආහාර බවට පත්ව ඇත. එසේ ම කෝලා, පෙප්සි, වැනි කෘතීම පැණි බීම වර්ගයන් පානය සඳහා ද බොහෝ තරුණ පිරිස් යොමු වී ඇත. ආහාර ගන්නා අතරතුර මෙවැනි බීම වර්ග පානය අද ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයකි.

තවද අධික තෙල් සහ මේදය සහිත ආහාර ලබා ගැනීම ද පුද්ගලයෙකුගේ රෝගී බව සඳහා බලපානු ලබයි.මේදය රුධිර නාලවල තැම්පත් වීමෙන් ලේ ගමනාගමනය අක‍්‍රමත් වී, හෘද රෝග හටගැනීම පවා සිදුවේ. අධික සීනී සහිත පැණි බීම පානය දියවැඩියාවට හේතුවකි. රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග සඳහාද ක්ෂණික ආහාර හේතු වේ.

තවද පරිසරය දුෂණය වීම සෞඛ්‍ය ගැටලූ නිර්මාණය වීම සඳහා ප‍්‍රබලව දායක වනු ලබයි.කොළඹ හා තදාසන්න නගරවල කැලිකසල,හා අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන්, ජල මූලාශ‍්‍ර අපිරිසිදු වීමද, කැලිකසල පිළිස්සීම නිසාත් වාහනවලින් හා කර්මාන්තශාලාවලින් පිටකරන අහිතකර කාබන්ඩයොක්සයිඞ් වායුව පිටවීම හේතුවෙන් වායු දුෂණය වීමත්, ඔක්සිජන් ප‍්‍රතිශතය පහළ බැසීමත්, නාගරිකව ජීවත්වන ජනතාවට ශ්වසන රෝග හටගැනීමත් සිදු වේ. පාචනය, කොළරාව, අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමත් සිදුවේ. කැළිකසල හා ජලය නිසි පරිදි බැහැර නොයාම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝ වීම හේතු කොටගෙන පසුගිය කාලයේ විශාල වශයෙන් ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්තව ගිය අතර, බොහෝ ප‍්‍රමාණයක් මරණයට පත් විය. (තවද පානය කිරීමට නුසුදුසු තත්ත්වයට ජල මූලාශ‍්‍ර පත් වීම හේතුකොටගෙන)

වර්තමාන සෞඛ්‍ය ගැටලූ අතර ප‍්‍රධාන තැනක් ගන්නා තවත් හේතුවක් ලෙස, බෝග වගාවන් සඳහා අහිතකර කෘෂිරසායනික (ග්ලයිෆොසේට්) භාවිතය හේතුවෙන් වර්තමානයේ සෞඛ්‍ය ගැටළු රැුසක් හටගෙන ඇත. ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ වකුගඩු රෝගය යි. ශ‍්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ වැඩි වශයෙන් මෙම රෝගය දැකගත හැකි ය. වී ගොවිතැන ඇතුළු සියලූ බෝග වගාවන්ට මෙම අහිතකර කෘෂි රසායනික භාවිතා කරනු ලබයි. තවද එම ප‍්‍රදේශවල කිවුල් ජලය පානය කිරීම වකුගඩු රෝගයට හේතු වී ඇත.

තවද ග‍්‍රාමීය ප‍්‍රජාවගෙන් වැඩි පිරිසක් දිළිඳු බවින් පෙලීම හේතු කොටගෙන සෞඛ්‍ය ප‍්‍රශ්න උද්ගත වී ඇත. ඒ හේතුවෙන් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට ප‍්‍රමාණවත් මුදල් සපයා ගැනීම දුෂ්කර ය. මුදල් නොමැති වීම නිසා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු නොවීමටත්, බොහොමයක් රෝග සඳහා නොදියුණු ප‍්‍රතිකාර ක‍්‍රම යොදාගැනීමත් දැකගත හැකි ය. ඇතැම් විට හදිසියේ වැළදෙන ලෙඩ රෝග පේ‍්‍රත හා භූත දෝෂ නිසා හටගත් බව සිතමින් බලි තොවුල් කිරීමට පවා පෙළෙබෙනු ලබ යි. තවද ග‍්‍රාමීය වැඩිහිටි පිරිමි පුද්ගලයන් වැඩි වශයෙන් මත්වතුර පානය සඳහා ඇබ්බැහි වී ඇත. දෛනිකව උපයන මුදලින් වැඩි කොටසක් මේ සඳහා වැය කර යි. අවසානයේ අක්මා රෝග හටගැනීමත්, පෙණහළු දියවීමත් හේතුවෙන් මරණය පවා සිදු වේ. ග‍්‍රාමීය වශයෙන් ගත් කල බොහෝ දරුවන්ගේ පියා අහිමි වීම දැකගත හැකි ය.

නාගරික ප‍්‍රදේශවල පිහිටා ඇති මුඩුක්කු නිවාස හේතු කොටගෙන ඒ ආශ‍්‍රිතව බොහෝ සෞඛ්‍ය ගැටලූ නිර්මාණය වී ඇත. ලිංගික රෝග ව්‍යාප්තිය (ගොනෝරියා, සුදු බිංදුව, ඒඞ්ස්) මත්ද්‍රව්‍ය හා මත්පැන්, මත්පෙතිවලට ඇබ්බැහි වීම දැකගත හැකි ය.පෙණහළු පිළිකා/ මුඛ පිළිකා වැළඳීමටත්, කායික හා මානසික වශයෙන් දුර්වල පුද්ගලයෙකු බවට පත් වීමටත් මෙය හේතු වේ. මුඩුක්කු පරිසරය, ලිංගික අපචාරද බහුල වශයෙන් සිදු වේ. එසේ ම නාගරික ජනගහනය සීඝ‍්‍ර ලෙස වර්ධනය වීම නිසා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් හා ප‍්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොලැබීමත් හේතුවෙන් සෞඛ්‍ය ගැටළු නිර්මාණය වී ඇත. පිරිසිදු ජලය පරිභෝජනය සඳහා නොලැබීම, පිරිසිදු වැසිකිලි කැසිකිලි පහසුකම් නොලැබීම නිසා පාචනය, කොළරාව වැනි රෝග හටගැනීමත්, කැලිකසල නිසිලෙස බැහැර නොකිරීම නිසා ඩෙංගු වැනි වසංගත රෝග ව්‍යාප්තියත් දැකගත හැකි ය.

වර්තමානය වන විට සියදිවි නසා ගැනීම් ප‍්‍රතිශතය ඉහළයාමද ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූව කි. මිනිසුන් තෘප්තිමත් ජීවිත ගත නොකිරීම, මානසික පීඩනයකින් යුතුව ජීවත් වීම, සෑම පුද්ගලයෙකුම පාහේ කුමන හෝ මානසික රෝගයකින් පසුවීම, තමා පිළිබඳව පවත්නා හීනමානය (තමාට කිසිවක් කළ නොහැකි යැයි, තමා නොවැදගත් කෙනෙකු යැයි සිතීම, මිනිසුන් වැඩි වශයෙන් හුදකලා ජීවිතයකට පුරුදු වීම, දිගු කලක් නිධන්ගත රෝගයක් සඳහා ප‍්‍රතිකාර ගැනීම) වැනි හේතූන් නිසා

මානසික පීඩනයන්ගෙන් පසුවෙති. ඒ හේතුවෙන් සියදිවි නසා ගැනීම් ඉහළ යාමටද, මෙම සාධක බලපා යි.

වර්තමානය වන විට කුඩා දරුවන්ගෙන් බොහෝ පිරිසක් දන්ත ආසාදනවලින් පෙලෙණු දැකගත හැකි ය. කැල්සියම් ඌනතාවයද ඉහළ අගයක් ගනී. පාසල් දරුවන් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන තරුණ ප‍්‍රජාවගෙන් බහුතරයකගේ ඇස් පෙනීමේ දුර්වලතා හටගෙන ඇති බවද දැකගත හැකි ය. බොහෝ පිරිස් ඇස් කණ්ණාඩි භාවිතා කරනු දැකගත හැකි ය. විටමින් ඌනතා රැුසකින් දරුවන් පීඩා විඳිනු දැකගත හැකි ය.

ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු ද, සෞඛ්‍ය ගැටළු වර්ධනය වී මෙහිලා බලපෑම් එල්ල කර ඇත. ක්ෂේත‍්‍රයේ පවතින අර්බුදයන්, සෞඛ්‍යය ක්ෂේත‍්‍රයට පමණක් සීමා නොවීඉආර්ථික හා සමාජීය ගැටළු රාශියක්ද නිර්මාණය කරමින් තිබේ. පෞද්ගලික වශයෙන් මෙන් ම, ජාතික වශයෙන් ද ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා වූ ඉල්ලූම වැඩි වෙමින් පවතින අතර, සැපයුම් පාර්ශවය ඒ සඳහා ප‍්‍රමාණවත් නොවන හා හිතකර නොවන තත්ත්වයට පත්වෙමින් තිබේ. රජයේ රෝහල් නඩත්තුවට අවශ්‍ය මුදල් නොලැබීම, පෞද්ගලික අංශයේ ප‍්‍රතිකාර මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පමණක් ක‍්‍රියාත්මක වීම. පෞද්ගලික ප‍්‍රතිකාර සේවා සඳහා අධික වියදමක් දැරීමට සිදුවීමෙන් පෞද්ගලික ප‍්‍රතිකාර සේවා ලැබූ රෝගීන් රජයේ රෝහල් සායන කරා විශාල වශයෙන් යොමු වීම, ආර්ථික මට්ටමින් ඉහළ වූවන්ට, පෞද්ගලික ප‍්‍රතිකාර හෝ විදෙස් රෝහල්වල ප‍්‍රතිකාර ලැබිය හැකි වුවද, බහුතරයක් වන ආර්ථික ගැටලූ පවතින අයට එම සේවාවන් ලබා ගැනීමට නොහැකි වීම නිසා යාග, හෝම, බලිතොවිල්, බාරහාර වැනි දේවල් සඳහා යොමු වී තිබේ. නැතහොත් රෝගියකු රෝහලකට ඇතුළු වූ විට සෞඛ්‍ය වෘත්තිකයකුගේ පෞද්ගලික අවධානය ඉල්ලා සිටීමට සිදු වේ.

සෞඛ්‍ය සේවාව නැංවීමට ඉවහල්වෙන පර්යේෂණ සඳහා ප‍්‍රමුඛතාවක් නොමැත. සෞඛ්‍ය පිළිබඳ දත්ත රැුස් කිරීමේ පුළුල් සහ නවීකරණය වූ ක‍්‍රමවේදයක් නැත. වෘත්තිකයන්ගේ සංවිධාන සහ නිලධාරීන් සකසන සැලසුම් යෝජනා ක‍්‍රියාත්මක තලයට නොපැමිධෑමට ද ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නොමැති වීම බලපා ඇත. ඩෙංගු රෝගය/ උතුරු මැද වකුගඩු රෝගය විසඳීම සඳහා අවශ්‍ය සැලසුම් හෝ සකස් නොවන තත්ත්වයට අද වන විට ගැටලූව උග‍්‍ර වී ඇත. විශේෂයෙන් ම ප‍්‍රමිතියෙන් බාල ඖෂධ හා වෛද්‍ය උපකරණවලින් 80-90% ක් පමණ දකුණු ආසියාතික රටවලින් ආනයන කරනු ලබ යි. මහාචාර්ය සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීමද, රෝහල් තුළ ප‍්‍රමාණවත් වෛද්‍ය උපකරණ නොමැතිවීම වෛද්‍යවරු, හෙද හෙදියන් අවශ්‍ය ප‍්‍රමාණයට රෝහල්වල නොමැති වීම නිසා ප‍්‍රතිකාර ප‍්‍රමාද වීම විශේෂඥ වෛද්‍ය හිඟය නිසා හදිසි ප‍්‍රතිකාර හා ශල්‍යකර්ම ප‍්‍රමාද වීම හේතුවෙන් රෝගීන් මියයාම වැනි සෞඛ්‍ය සේවාවේ ගැටලූ රැුසක් වර්තමානයේ උද්ගත වී ඇත.

සංවර්ධනය කරා යන ගමනේ දී, සංවර්ධනය විය යුතු අත්‍යවශ්‍ය අංශයක් ලෙස සෞඛ්‍ය අංශය හැඳින්විය හැකි ය. රටක සංවර්ධනය යථා පරිදි, සිදු කිරීමට යහපත් සෞඛ්‍යයකින් හෙබි පුරවැසියන් අවශ්‍ය වේ. එබැවින් සෞඛ්‍ය සංවර්ධනය ඉතා වැදගත් අංශයක් ලෙස පෙන්වා දිය හැකි ය. රටක් සංවර්ධනය වීම සඳහා සෞඛ්‍ය පිළිබඳව මුළු රටේම ජීවත්වන ජනතාව තුළ පුළුල් අවබෝධයක් පැවතීම ඉතා වැදගත් ය. සෞඛ්‍ය සංවර්ධන නිසි අයුරින් සිදුවන්නේ එවිට යි.

”සිහියෙන් රිය පදවා - අනතුරු මරණ වළකමි
නිසි කසළ ප‍්‍රතිපදාවෙන් - ඩෙංගු වළකමි
අනිසි කාමයෙන් වැළකී - ඒඞ්ස් රෝගයෙන් ගැලවෙමි
මුව රැකගෙන - දියවැඩියාවෙන් අත් මිදෙමි
සුරා, දුම්වැටි, මතින් මිදී මුළු දිවියම ජය ගනිමී....”

සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන උපායමාර්ග ලෙසින් පෙන්වා දිය හැක්කේ, සෞඛ්‍ය සංවර්ධනය කිරීම සඳහා සන්නිවේදනය උපක‍්‍රමශීලීව යොදා ගන්නේ කෙසේද යන්න යි. වර්තමානය වන විට ශ‍්‍රී ලංකාවේ බොහෝ සෞඛ්‍ය ගැටලූ මතු නොවීමට කටයුතු කිරීම සඳහා සන්නිවේදන උපායමාර්ග භාවිතා කළ යුතුව ඇත. වර්තමානයේ මෙම සෞඛ්‍ය සන්නිවේදනය ජනමාධ්‍ය හා නවමාධ්‍ය හරහා සිදුවුවද එය ප‍්‍රශස්ත මට්ටමක පවතින බව කිව නොහැකි ය. සන්නිවේදනය මඟින් ජනතාව දැනුවත් කිරීමට උපායමාර්ග රැුසක් අනුගමනය කළ හැකි ය.

පාසල් ළමුන් සඳහා ක‍්‍රමවත්ව සෞඛ්‍ය විෂය ඉගැන්වීම හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් කුඩා කල සිට ලබාදීම අවශ්‍ය ය. ශ‍්‍රී ලංකේය සංස්කෘතිය, සභ්‍යත්වය ඉතා ඉහළින් පිළිගන්නා නිසා ලිංගික අධ්‍යාපනය යන්න පිළිකුලෙන් යුතුව බැහැර කරති. නමුත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් කුඩා කල සිට දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය ය. ඒ හේතුවෙන් දෙමාපියන්ට මේ පිළිබඳ පුුළුල් දැනුමක් ප‍්‍රථමව ලබාදීම අවැසි ය.

සෞඛ්‍ය සායන පැවැත්වීම මඟින් ද ජනතාව යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ කියාදීම හා හඳුනා නොගත් ලෙඩරෝග හඳුනා ගැනීමට සායන පවත්වා රෝග පරික්ෂා කිරීම සඳහා ජනතාවට පහසුකම් සැලසීම සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සිදුකළ හැකි ය.

විවිධ සම්මන්ත‍්‍රණ හා වැඩමුළු එක් දිනක් හෝ දින ගණනාවක් පවත්වමින් සෞඛ්‍ය ගැටලූ නිරාකරණය කරගැනීම සඳහා උපදෙස් ලබාදීම කළ හැකි ය. මේ සඳහා වෛද්‍යවරු, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සම්බන්ධ කරගත හැකි ය. ජනතාව තම සෞඛ්‍ය ගැටලූ කතා කරමින් ඊට විසඳුම් ලබා ගැනීම සඳහා ඉඩ ප‍්‍රස්ථාව සැලසිය යුතු ය.ජනමාධ්‍ය හා නව මාධ්‍යන් ද සෞඛ්‍ය ගැටලූ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිතා කළ හැකි ය. ඒ හරහා කෙටි චිත‍්‍රපට, වීඩියෝ දර්ශන, දැන්වීම්, ලිපි පළ කිරීම භාවිතා කළ හැකි ය.රූපවාහිනිය, ගුවන් විදුලිය වැනි ජනමාධ්‍ය හරහා ටෙලි නාට්‍යය, ගුවන් විදුලි නාට්‍යය මඟින් ද ජනතාව දැනුවත් කළ හැකි ය.

වර්තමාන සමාජයේ මෙම ේජැඉදදන, හදමඑමඉැ, ටදදටකැ වැනි නව මාධ්‍යය භාවිතා කරමින් සෞඛ්‍ය ගැටලූ හා ඊට ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු ය. එය ඉක්මන් හා කඩිනම් ක‍්‍රියාමාර්ගයකි. ගං වතුර, නායයෑම්, සුනාමි වැනි ආපදා අවස්ථාවලට පෙර, ආපදා තත්ත්වය පවතිත්දී සහ ආපදාවලින් පසුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කඩිනමින් ජනතාව දැනුවත් කිරීම සඳහා මේවා යොදාගත හැකි ය. මෙම තාක්ෂණික පහසුකම් අඩු ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාව ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත භාවිතා කරමින් දැනුවත් කිරීම සඳහා යොදාගත හැකි ය.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා මත්පැන් පානයේ ආදීන පිළිබඳ යෞවනයන් තරුණ ප‍්‍රජාවට හා වැඩිහිටියන්ට ප‍්‍රමාණවත් දැනුමක් සැපයීම සෞඛ්‍ය අංශවල කාර්යභාරයක් ලෙස සලකා කටයුතු කිරීම අවැසි ය.මාධ්‍ය හරහා මේ සම්බන්ධව වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය නොකළ යුතු අතර, ජනතාවට මෙහි ආදීනව කියාපාන වැඩසටහන් ඉදිරිපත් කළ යුතු ය.

පවුල් සෞඛ්‍ය සේවිකාව, මහජන පරීක්ෂකවරු හරහා නිවෙස්වලට ගොස් ජනතාවගේ සෞඛ්‍ය ගැටලූ පිළිබඳ කතා කරමින්, ඒවාට උපදෙස් ලබාදීමටත් විවිධ සමිති සමාගම් (මව් සමිති වැනි) පිහිටුවමින් පෝස්ටර්, අත්පත‍්‍රිකා බෙදා හැරීම හා ප‍්‍රදර්ශනය කිරීමත් සිදු කළ යුතු ය.

ගෙවතු වගාව සඳහා ජනතාව නැඹුරු කිරීමත්, කෘෂි රසායනික වෙනුවට කාබනික පොහොර වගාවට ගොවීන් හුරු කිරීම අවශ්‍ය දැනුම හා පහසුකම් කෘෂිකර්ම අමාත්‍යංශය හරහා සැපයිය යුතු ය. ගොවීන් දිරිගැන්වීමෙහි වැඩසටහන්, දේශීය නිෂ්පාදන අගය කරමින් ඒවාට අවශ්‍ය ප‍්‍රතිලාභ හා වෙළඳපොළ සකස්කරදීම ද සිදු කළ යුතු ය. ඒවා පිළිබඳ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීම ද කාලීන අවශ්‍යතාවය කි.

ලිංගික හැසිරීම් පිළිබඳ අනවශ්‍ය පෙළඹවීම් ජනමාධ්‍යය හා නව මාධ්‍ය මඟින් බෙදාහැරීම පාලනය කළ යුතු ය. ඒ වෙනුවට මිනිසුන්ගේ යහපත් ආකල්ප වැඩි දියුණුවන වැඩසටහන් ඉදිරිපත් කළ යුතු ය.

මානසික සෞඛ්‍ය යහපත් කිරීම සඳහා අවශ්‍ය කරන උපදේශන සේවා, ගීත ප‍්‍රචාරන,වැඩසටහන් ඉදිරිපත් කිරීම ආදිය වැඩි වශයෙන් ජනප‍්‍රියත්වයට පත් කළ යුතු ය.

මේ ආදී වශයෙන් මිනිසුන්ගේ කායික, මානසික හා සමාජීය සෞඛ්‍ය යහපත් කිරීමටත්, ඒ හරහා සෞඛ්‍ය ගැටලූ විසඳා ගැනීමටත්, සංවර්ධන සන්නිවේදන උපාය මාර්ග භාවිතා කළ හැකි ය.සෞඛ්‍ය සංවර්ධනය යහපත් වීම රටක සංවර්ධනය යහපත් වීමටද සෘජු බලපෑමක් එල්ල කරයි. ශ‍්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකට මෙම සංවර්ධන සන්නිවේදන උපායමාර්ග භාවිතා කිරීම අද වන විට කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.





















No comments:

Post a Comment

                                        රූමස්සල හා බැදි ජනශ‍්‍රැතිය හා ජනප‍්‍රවාද  රූමස්සල යනු ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර ප‍්‍...