Tuesday, July 2, 2019

සොඳුරු පේ‍්‍රමය




විය සසල හද පතුල
හදවතට දැනුණු එම
සොයුරු පෙම අපමණය...

කුඩා කල සිට අදත් මා ළඟ
රැුදෙන නුඹේ  සොඳුරු පේ‍්‍රමය
කිසිවෙකුට සම කළ ද නොහැකිය..

වැරදි සිදුකළ විටදි හැමදින
ඔවා මිණි නිති ලබා දුන් නුඹ
ඵීටෙක මා හට දෙවැනි පියෙකු විය...

රැුඳී හැමදින මගේ අසලම
මගේ දිවියම ජය ලබන්නට
නිබඳ නුඹ මට දිරිය සැපයිය...

එලෙස ලබනා නුඹේ සෙනිහස
මගේ ලෝකෙට එළිය දෙන්නට
පතන්නම් මතු සසරේ හැමදින
නුඹ මගේ අයියණ්ඩියම වන්නට....





No comments:

Post a Comment

                                        රූමස්සල හා බැදි ජනශ‍්‍රැතිය හා ජනප‍්‍රවාද  රූමස්සල යනු ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර ප‍්‍...