(2017/11/28) වන දින දිනමිණ පුවත්පතේ මාංචු අතිරේකය ඇසුරෙන්)
මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනෙකාගේ නාසය ළඟින් සීමා වේ. යනුවෙන් ජනමාධ්‍යය නිදහස හා වගකීම පිළිබඳ ප‍්‍රකට දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් මෙසේ පවසයි. මෙම සංකල්පය ආචාරධර්මීය පදනමකින් යුතුව විමසිය හැක. නීතිමය රාමුව නොව පොදු එකඟකත්වය මත සම්මත වූවක් ආචාරධර්ම ගනයේ ලා ගැනේ. මෙලෙස විවිධ වෘත්තීන් තුළද අනුගමනය කරන ආචාරධර්ම පද්ධති පවතී. ඒ ඒ අදාළ වෘත්තීන්ට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට මේවා අනුගමනය කිරීමට සිදුවේ. එහිදී වෘත්තියට ප‍්‍රවේශ වීමට අදාළ අධ්‍යාපන සුදුසුකම්, පොදු එකඟතාවයෙන් සකසාගත් ආචාරධර්ම පද්ධතියක් හෝ මාර්ගෝපදේශ පද්ධතියක් වීම, ඒවා පිළිගැනීම හා මැන බැලීම සඳහා යන මෙම අංශ තුන ඇතුලත් විට ඕනෑම වෘත්තියක වෘත්තීමය භාවය සැකසේ.
ඒ අනුව ලංකාවේ මාධ්‍ය තුළ පුවත්පත් කලාව හා සම්බන්ධ ආචාරධර්ම හඳුනාගැනීම වටී. එහිදී ශ‍්‍රී ලංකාවේ පුවත්පත් හා සම්බන්ධ නීතිමය තත්ත්වයක් ගොඩනැඟී ඇත්තේ, 1973 අංක 05 දරණ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මඟිනි. එහිදී ලංකාව තුළ පුවත්පත්වලට අදාළ කරුණු විධිමත්ව පවත්වාගෙන යාමටත් පුවත්පත්වලට අදාළ වැරදි විමර්ශනය කිරීමට හා ඒ පිළිබඳ පැමිණිලි විභාග කර බැලීමට හා ආචාරධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමටත් මෙය ගොඩනඟා ඇත.
මීට අමතරව පුවත්පත් සඳහා ශ‍්‍රී ලංකාවේ පත‍්‍ර කලාවේදීන් සඳහා වූ අචාරධර්ම සංග‍්‍රහය බෙහෙවින් වැදගත් වේ. මෙහිදී පුවත්පත් සඳහා නිශ්චිතව ආධාර වූ ආචාරධර්ම සංග‍්‍රහය බෙහෙවින් වැදගත් වේ. මෙහෙදී පුවත්පත් සඳහා නිශ්චිත ආචාරධර්ම සංග‍්‍රහයක් අවශ්‍යය බව වටහා ගත්තේ, 1981 දී ය. එහි දී පුවත්පත් කර්තෘවරු 21 එකතු වී, ආචාරධර්ම පද්ධතියක් ගොඩනඟා ගන්නා ලද අතර එය ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගන්නා ලදි. එම ආචාරධර්ම සංග‍්‍රහය මෙසේය.
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති (අචාර ධර්ම) සංග‍්‍රහය ය.
1. පූර්විකාව
සියලූ පුවත්පත් ආයතන හා පුවත්පත් කලාවේදීත්, කෙරෙහි බලපාන මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංග‍්‍රහය, ශ‍්‍රී ලංකා මුද්‍රිත මාධ්‍ය නිදහසද පාඨක අවශ්‍යතා සහ අපේක්ෂා කලාවේදීන් කෙරෙහි බලපාන මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංග‍්‍රහය, ශ‍්‍රී ලංකා මුද්‍රිත මාධ්‍ය නිදහසද පාඨක අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳ වගකීමෙන් හා සංවේදීතාවෙන් යුතුවද පවත්වාගැනීමත්, ඒ අතරම පුවත්පත් කලාවේ උසස්තම ප‍්‍රමිතිය ආරක්ෂා කිරීමක් ද අරමුණු කොට ගත්තකි.
1. නිවැරදි වාර්තාකරණය
2. නිවැරදි කිරීම් හා සමාව අයැදීම්
3. පිළිතුරු දීමට අවස්ථා
4. රහස්‍ය මූලාශ‍්‍ර
5. පොදු වාර්තාකරණය හා ලිවීම.
6. පෞද්ගලිකත්වය
7. හිරිහැර හා කපටිකම්
8. ගෞරවය
යන කරුණු ඔස්සේ, එහි අනු පරිච්ෙඡ්ද යටතේ, තවදුටත් මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති (අචාර ධර්ම* සංග‍්‍රහයෙහි කරුණු තවදුරටත් විග‍්‍රහ කළ හැකිය.
එසේම පුවත්පත් ආචාර ධර්ම පිළිබඳ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම ලෙසද යනුවෙන් දැක්වේ.
ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම
1973 අංක 05 දරණ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ, පුවත්පත් කලාවේදීන් සඳහා ආචාර ධර්ම සංග‍්‍රහයක් නියම කර තිබේ.මෙය බලාත්මක කර ඇත්තේ, 1981-10-14 දින දරන අංක 162/5 දරන ලංකා ආණ්ඩුවේ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මඟිනි. මෙම පනතේ 30(3* වගන්තියට අනුව පාර්ලිමේන්තුව මඟින් ද සනාථ කර තිබේ.
- ආචාර ධර්ම සංග‍්‍රහය
2. සෑම පත‍්‍ර කලාවේදියකු විසින් ම,
(අ) පළ කිරීම සඳහා තමා විසින්ම ලියන ලද කවර හෝ් ලිපියක් පළ කිරීමට පෙර එහි අඩංගු කරුණුවල සත්‍යතාවය නිශ්චය කිරීම සඳහා තම බලය යටතේ ඇති සියලූ සාධාරණ ක‍්‍රියා මාර්ග උපයෝගී කරගත යුතුය.
(ආ) තමා අසත්‍ය හෝ සාවද්‍ය බව දන්නා නැතහොත් තමාට එසේ විශ්වාස කිරීමට හේතු ඇති යම් කාරණයක් වාර්තා කිරීමෙන් හෝ මුද්‍රණය කිරීමට නැතහොත් තමාට එසේ විශ්වාස කිරීමට හේතු ඇති යම් කාරණයක් වාර්තා කිරීමෙන් හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළකිරීමට සැලැස්වීමෙන් වැළකිය යුතුය.
(ඇ) යම් ක‍්‍රියාවක් මඟින් හෝ ඔිනෑකමින් කරන ලද අත්හැරීමක් මඟින් හෝ සත්‍යය විකෘති කිරීමෙන් වැළකිය යුතුය.
(ඈ) යම් වාර්තාවක් හෝ ලිපියක් ලිවීම හෝ පළ කිරීම සම්බන්ධයෙන් තමා වගකිව යුත්තේ ද එවැනි වාර්තාව හෝ ලිපියක වූ යම් සාවද්‍යතාවක් නැතහොත් වැරදි තොරතුරක් නිවැරදි කිරීමට හැකි කෙටි කාලසීමාව තුළ දී හැකි සියලූ පියවර ගත යුතුය.
(ඉ) පොදු ජන රුචියට හෝ සදාචාරයට හානි කළ හැකි හෝ පොදු ජන රුචියේ හෝ සදාචාරයේ තත්ත්වය පහත හෙලීමට ඉඩ ඇති කිසිවක් පළ කිරීමෙන් හෝ පළ කිරීමට සැලැස්වීමෙන් වැළකිය යුතුය.
3. සෑම පත‍්‍ර කලාවේදියෙකුම, තමා විසින් ලියනු ලබන හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සලස්වන යම් වාර්තාවක හෝ ලිපියක, එක් අතකින් යම් සිද්ධි ප‍්‍රකාශයක් සහ අනෙක් අතින් යම් මත දැක්වීමක් හෝ විවේචනයක් පැහැදිලි ලෙස වෙනස් කොට දැක්වීමට, තමාට ගත හැකි සියලූ සාධාරණ ක‍්‍රියාමාර්ග ගත යුතුය.
4. සෑම පත‍්‍ර කලාවේදියෙකුම,තමා වෙත යම් තොරතුරක් සපයන ලද තැනැත්තකු විසින් ඒ තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට බලය දෙන්නේනම් මිස ඒ තොරතුරු ලබා ගත් කවර හෝ ප‍්‍රභවයන් පිළිබඳ රහස්‍යහාවය රැුකිය යුතුය.
5. සෑම පත‍්‍ර කලාවේදියෙකුම, පුද්ගලයෙකුගේ කීර්ති නාමයට ගරු කළ යුතු අතර, මහජන කුතුහලයෙන් වෙන්කොට හඳුනාගත යුතු මහජන යහපත උදෙසා වන්නේ නම් මිස, යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් වන යම් තොරතුරක් හෝ මත දැක්වීමක්, වාර්තා කිරීමෙන් හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමෙන් වැළකිය යුතුය.
6. 1.අපරාධ හෝ අපරාධ නඩුවල විස්තර කිරීමේ දී හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමේ දී,
(අ) ලිංගික අපරාධවලට භාජනය වූවන් නම් කිරීම.
(ආ) සාපරාධ වරදක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ තම දැනුම අනුව කලින් වරදකරු කරනු නොලැබූ යම් තරුණ තැනැත්තෙකු නම් කිරීම හෝ,
(ඇ) අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ හෝ වරදකරු කරනු ලැබූ හෝ තැනැත්තකුත් ඒ තැනැත්තාගේ ඥාතියකු ලෙස නම් කිරීම. මහජන යහපත පිණිස වේ නම් විනා පත‍්‍ර කලාවේදියකු විසින් නොකළ යුතුය.
(ඈ)වෛවාහික කාරණා හෝ නඩු පිළිබඳ විස්තර වාර්තා කිරීමේ දී හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමේ දී පත‍්‍ර කලාවේදියෙකු විසින් සිත් වේදනා ඇති කරවන යම් විස්තර වාර්තා කිරීමෙන් හෝ පළ කිරීමෙන් වැළකිය යුතුය.
7. පත‍්‍ර කලාවේදියෙකු විසින් අන්‍යයකුගේ අදහස් හා ලිපි තමාගේ ඒවා ලෙස පළ නොකළ යුතුය.
8. පත‍්‍ර කලාවේදියෙකු විසින් පරපීඩා කාමුකත්වය, සැහැසිකම් හෝ සල්ලාලකම් ප‍්‍රවර්ධනය කෙරෙන ආකාරයට යම් කාරණයක් ඉදිරිපත් නොකළ යුතුය.
9. අසභ්‍ය වූ යම් කාරණයක් පළ කිරීම, මහජන යහපත පිණිස වන්නේ නම් මිස, පත‍්‍ර කලාවේදියෙකු විසින් එය වාර්තා කිරීම මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීම නොකළ යුතුය.
10. ජාතිවාදී හෝ ආගමික භේද හෝ හිංසන ක‍්‍රියා ප‍්‍රවර්ධනය කිරීමේ කාර්යය සඳහා යම් කාරණයක් වාර්තා කිරීම හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීම නොකළ යුතුය.
11. සෑම පත‍්‍ර කලාවේදියෙකු විසින් ම තම වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කළ යුතුය.තම වෘත්තියට සම්බන්ධ හෝ ආනුෂංගික යම් කාරණයක් සඳහා මුදලක්, දෙයක් හෝ සේවාවක් වශයෙන් වූ කවර හෝ අල්ලසක් ඔහු විසින් භාර නොගත යුතුය.
මෙම ආචාර ධර්ම පද්ධතිය දේශපාලන අවශ්‍යතා මත බිහි වූවක් නොවේ. එය මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පැහැදිලි අඩුපාඩුවක් සම්පූර්ණ කිරීම සඳහා පුවත්පත් කලාවේදීන්, වෘත්තියන්ගේ ද සහය ලබා ගනිමින් සකස් කර තිබේ.
අරමුණ
මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති (ආචාර ධර්ම* සංග‍්‍රහයෙහි ඇතුලත් කරුණුද, ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ දක්වා ඇති ආචාර ධර්ම ද උල්ලංඝණය වන අවස්ථාවන් බොහොමයක් දැකගත හැකිය. ලංකාව තුළ භාවිතයේ පවත්නා ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පත් රැුසක මෙන්ම, පෞද්ගලික පුවත්පත් රැුසක ද ආචාර ධර්ම කඩවන අයුරු දැකගත හැකිය. වානිජ පරමාර්ථ ඉලක්ක කොට ගනිමින් තම පුවත්පත් අලෙවිය ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිවත්, ජනතාව අතර වඩාත් ප‍්‍රචලිත කිරීමේ අරමුණින් යුතුවත්, විවිධ ආයතනවලින් පිරිනමනු ලබන ඇගයීම්, සම්මාන ලබා ගැනීමේ අපේක්ෂාවන් පෙරදැරි කොට ගෙන ක‍්‍රියාත්මක වන වර්තමාන පුවත්පත් කලාව තුළ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති (ආචාර ධර්ම* කඩවන ආකාරය පහත පුවත්පත් දැන්වීම ඇසුරින් පෙන්වා දීම.
මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ වගන්ති සහ පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම කඩ වී ඇති ආකාරය අපරාධ වාර්තාකරණය පිළිබඳ පුවත්පත් දැන්වීමක් ඇසුරිනි.
1) පුවත්පතේ නම - දිනමිණ පුවත්පතේ මාංචු අතිරේකය
2) පළකරන ලද දිනය - 2017 නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා
3) සටහන හා ඡුායාරූප - චන්ද්‍රසිරි මහගම නුවරඑළිය
4) ආචාර ධර්ම කඩ වී ඇති ආකාරය- මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවෙහි 02 වගන්තියේ දැක්වෙන නිර්වද්‍ය වාර්තාකරණය යන වගන්තිය කඩ වී ඇති ආකාරය මෙම දැන්වීම තුළ දැකගත හැකිය.
2.1 නිවැරදිවත් විකෘර්තියකින් තොරවත් ප‍්‍රවෘත්ති වාර්තා කිරීම හා ඡුායාරූප පළ කිරීම සඳහා මාධ්‍ය සාධාරණ පරිස්සමකින් ක‍්‍රියා කළ යුත්තේ ය.
නමුත් මෙම අපරාධ වාර්තාකරණය පිළිබඳ ලිපිය තුළ මියගිය කාන්තාවගේ සිරුරේ රුධිර දහරාවන් ගලායන ආකාරය දක්වා ඇත.
6. පොදු වාර්තාකරණය හා ලිවීම
6.1 කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප‍්‍රශ්න, එනම් කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය, අපයෝජනය, දුෂ්ටත්වය,පරපීඩා කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වය ද යනාදිය පිළිබඳ කරුණුවාර්තා කිරීමේ දී ඊට සම්බන්ධ ඡුායාරූප හා චිත‍්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර බුද්ධියෙන් යුතුව මෙන්ම පොදු ජන යහපත උදෙසා කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ය.
ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ ආචාර ධර්ම සංග‍්‍රහයේ දැක්වෙන,
6.2.වෛවාහික කාරණා හෝ නඩු පිළිබඳ විස්තර වාර්තා කිරීමේ දී හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමේ දී පත‍්‍ර කලාවේදියකු විසින් සිත් වේදනා ඇති කරවන යම් විස්තර වාර්තා කිරීමෙන් හෝ පළ කිරීමෙන් වැළකිය යුතුය. යන වගන්තියට අනුව විමසා බැලීමේ දී,
මෙම පුවත්පත් දැන්වීම තුළ ශීර්ෂ පාඨ යොදා ඇත්තේ ද, කම්පනය හෝ හිත් වේදනා ඇති කරන පරිද්දෙනි. එහිදී සමාජ ප‍්‍රශ්නයක්ව පවත්නා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය (සැමියා හා බිරිඳ අතර පවත්නා ආරවුල්* පිළිබඳ විග‍්‍රහකරමින් කරුණු දක්වා ඇත.
”සැමියාගේ පිහි පහරින් බිරිය මරුට”
”බිරිය කපා කොටා මරා සැමියා වස බීලා”
6.2 අපරාධ හා අපරාධ පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ දී ප‍්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන් ද යන දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්,
අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬුවම් හෝ ලැබූ පුද්ගලයෙකුගේ ඥාතීන්ගේ අන්‍යතාව ඔවුන්ගේ කැමැත්ත නැතිව හෙළිදරව් නොකළ යුත්තේ ය.
7. පෞද්ගලිකත්වය
7.1 පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ-දොර, සෞඛ්‍ය හා සහසම්බන්ධතා ද කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලකිල්ලකින් ක‍්‍රියා කල යුත්තේ ය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක‍්‍රමණය කිරීම සාධාරධෑකරණය කළ හැක්කේ, පොදු ජන සුභ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේනම් පමණකි.
ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම සංග‍්‍රහයේ ඇතුලත්,
5.සෑම පත‍්‍ර කලාවේදියකුම, පුද්ගලයෙකුගේ කීර්ති නාමයට ගරු කළ යුතු අතර,මහජන කුතුහලයෙන් වෙන්කොට හඳුනාගත යුතු,මහජන යහපත උදෙසා වන්නේ නම් මිස,යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් වන යම් තොරතුරක් හෝ මත දැක්වීමක්, වාර්තා කිරීමෙන් හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමෙන් වැළකී සිටිය යුතුය. යන වගන්තිය අනුවද,
මෙම පුවත්පත් වාර්තාව තුළ මියගිය තැනැත්තිය ජීවත් වූ ප‍්‍රදේශය නිශ්චිතවම දක්වා ඇත. ”නුවරඑළිය, හාවාඑළිය, ගැමුණු මාවතේ පදිංචිකාරියක වූ 41 හැවිරිදි පෙරීස් ෂාඞ් ශ්‍යාමලී දේවී නැමැත්තිය බවය.
”ඒත් කුමක්දෝ අවාසනාවකට මීට අවුරුදු එකහමාරකට පමණ පෙර මේ දෙන්නා දෙපැත්තට වෙලා තැන් දෙකක ජීවත්වෙන්න පටන් ගත්තේ, කවුරුත් නොහිතපු විදියට. ඇය අවුරුදු 07 ක හා 04 ක කුඩා දරු දෙදෙනාත් සමඟ ඔවුන් පදිංචිවෙලා හිටපු මව්පියන් ඉන්න මහගෙදර නතර වූවාය. ඔහු දරු පවුල අතැර යන්නට ගියේය.
7.3 ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත්, ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප‍්‍රඥාවෙන්ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීහු විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තෝය.
මෙම පුවත්පත් වාර්තාව තුළ ශෝකය හා කම්පනය ඇතිවන ආකාරයෙන් ඒවාට සමීපවෙමින් ඝාතනය සිදු වූ ආකාරය විස්තර කර ඇත.
එහෙත් උස්සපු පය ගල්පඩියක් මත තියන්නට ඇයට ලැබුණේ නැත. පිටුපස හැරී දිවයන ඇයගේ ගෙල හරහා තවත් පිහිපහරක් එල්ල විය. එම පහරින් උඟුරු දණ්ඩ කැපී යනවාත් සමඟම ඇය බිම ඇද වැටෙන්නට ගියාය. ඒ සමඟම ඔහු තවත් පිහි පහරවල් තුනක් විදුලි වේගයෙන් ගෙලේ පිටුපසට එල්ල කරන්නට විය.
- නිගමනය
එසේම ශ‍්‍රී ලංකාව තුළ පලවන ජාතික පුවත්පත්හි මුල් පිටුවෙහි පවා මෙවැනි අපරාධ සිදුවීම් බොහොමයක් පළකරනු දැකිය හැකිය. මෙවැනි අපරාධ වාර්තා මඟින් ත‍්‍රාසය, භීතිය ඇති කරමින්, පාඨකයාගේ මනස පවා යම් තැතිගැන්මකට ලක් කරනු ලැබේ.
අති සංවේදී කාරණා පවා පළ කරනු දැකිය හැකිය. විකෘති වූ මළසිරුරේ ඡායාරූප, වීසිරී ගිය ලේ පැල්ලම් පවා පළ කරනු ලබයි.
එසේම ඝාතනයට ලක් වූ තැනැත්තාගේත්, ඝාතනය සිදු කළ තැනැත්තාගේත්,පවුලේ සාමාජිකයන්ගේ ඡුායාරූප හා පවුල පිළිබඳ විස්තර, දරුවන් හා ඥාතීන් පිළිබඳ විස්තරද, පුද්ගයින්ගේ අතිශය පෞද්ගලික (මානසික රෝග/ලිංගික බෙලහීනතාව) වැනි රෝග පිළිබඳ විස්තරද පළ කරනු දැකිය හැකිය.
මෙවැනිි දෑ පළකිරීම මාධ්‍ය සදාචාරයට පටහැනි වනවා සේම, පුවත්පත් ආචාර ධර්ම ද කඩ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.
No comments:
Post a Comment