Thursday, July 18, 2019


2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ          අයිතිවාසිකම් පිළිබඳ පනත 

තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මඟින් සහතික වුවද එය යථාර්ථයක් ලෙස භුක්ති විදීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙන්නේ, තොරතුරු දැනගැනීම පිළිබඳව නීතියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසුවය.
  • පනතේ අරමුණ
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 ‘අ’ ව්‍යවස්ථාව මඟින් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමේ අයිතිය තහවුරු කර ඇති බැවින්, සහ එම තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මඟින් පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බැවින්ද, එමඟින් ශ‍්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගී විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේ දී සක‍්‍රීය ලෙස සහභාගි විය හැකි සමාජයක් ප‍්‍රවර්ධනය වන බැවින්ද; යනුවෙන් සඳහන් වේ.
  • තොරතුරු යනු,
තොරතුරු යන්නට, පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වාභාවය නොසලකා සටහන්, ලේඛන සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ මාධ්‍ය නිවේදන, චක‍්‍රලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප‍්‍රවෘත්ති පත‍්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති, කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත‍්‍ර, රූපසටහන්, රූපමය හෝ ප‍්‍රස්ථාරමය වැඩ හෝ ඡුයාරූප, සේයාපට, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත‍්‍ර මඟින් කියවිය හැකි වාර්තා, විද්‍යුත් ලිපි සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය, සහ ඒවායේ යම් පිටපත් ඇතුලත් වේ. (පනත් කෙටුම්පතේ 43 වගන්තිය) 
  • තොරතුරු ලබා ගැනීමේ ඇති අයිතිය
පනතේ 05 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, පොදු අධිකාරියක සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුටම ඇත. ඒ අනුව 
  1.  අමාත්‍යංශ 
  2.  දෙපාර්තමේන්තුව 
  3.  සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල 
  4.  පළාත් පාලන ආයතන 
  5.  25% කට වඩා කොටස් රජයට හිමි සමාගම් 
  6.  මහජන කාර්යයක් පිළිබඳව රජය සමග ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන 
  7.  රාජ්‍ය නොවන සංවිධාන වෙතින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැකිය. 
  • තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රියාපටිපාටිය 
 සෑම පොදු අධිකාරියක්ම තොරතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිලධාරියකු පත් කරන අතර ඔවුන් වෙතින් තොරතුරු ලබාගත හැකිය. තොරතුරු ලබා ගැනීම සඳහා හා ආකෘති පිළිබඳ රීති තොරතුරු කොමිසම විසින් 2017 පෙබරවාරි 3 වන දින ගැසට් පත‍්‍රයේ පළකර ඇත. තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවක දී අතෘප්තිමත් වන පුරවැසියකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නිලධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කල හැකිය. තොරතුරු කොමිසමේ තීරණයෙන් තෘප්තිමත් නොවන ඉල්ලූම්කරුවෙකුට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිය. 
  • තොරතුරු ලබාගත හැකි විවිධ ආකාරයන් 
පනතේ 27 වන වගන්තියට අනුව පහත  ඕනෑම ආකාරයකින් තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලීමක් සිදුකල හැකිය. 
  1. අදාළ වැඩ, ලේඛන, වාර්තා අධීක්ෂණය කිරීම සඳහා
  2.  අදාළ ලේඛනයෙන් හෝ වාර්තාවලින් සටහන්, උද්ධෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම සඳහා 
  3.  අදාළ ද්‍රව්‍යයන්ගේ සහතික කළ නිදර්ශන ලබා ගැනීම සඳහා 
  4.  එම තොරතුරු පරිගණකයක හෝ වෙනත් යම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවක දී, ඩිස්කට්,      ප්ලෝපි, පටිණි දෘෂ්‍ය කැසට්පට හෝ වෙනත් යම් විද්‍යුත් ක‍්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා, 


No comments:

Post a Comment

                                        රූමස්සල හා බැදි ජනශ‍්‍රැතිය හා ජනප‍්‍රවාද  රූමස්සල යනු ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර ප‍්‍...