Friday, July 19, 2019

උඩුගම පොලිස් ස්ථානය හා මහජනතාව අතර මහජන සම්බන්ධතාව  වර්ධනය කිරීම. (RACE ආකෘතිය ඇසුරින් මහජන සම්බන්ධතා සැලැස්මක්)


                                                     01. ආයතනික හැඳින්වීම

ශ‍්‍රි ලංකා පොලිසියේ දැක්ම

‘‘අපරාධ සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම’’
ශ‍්‍රී ලංකා පොලිසියේ මෙහෙවර
කිසිවකුටත් අගතියක් සිදු කිරීමකින් තොරව අපරාධ සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමටත්, එය පවත්වාගෙන යාමටත් එය ක‍්‍රියාත්මක කිරීමටත් ශ‍්‍රී ලංකා පොලිසීය විශ්වාසයෙන් යුතුව ක‍්‍රියා කිරීමට ඇප කැප වී සිටියි. 

ශ‍්‍රී ලංකා පොලීසියේ කාර්යභාරය 

1. මහජන ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යාම. 
2. අපරාධ පාලනය හා වැළැක්වීම. 
3. අපරාධ විමර්ශනය හා නඩු මෙහෙයවීම. 
4. මාර්ග ආරක්ෂාව හා රථවාහන පාලනය. 
5. ප‍්‍රභූ ආරක්ෂාව. 
6. පරිසර ආරක්ෂණ කටයුතු සහ ආපදා අවස්ථාවන්හි දී අදාළ අංශ වෙත සහය ලබා දීම. 
7. කැරළි හා ¥ෂණ මර්දනය සහ විවිධ පැමිණිලි විසඳීම. 
8. පොලිස් නිෂ්කාශන හා පසුබිම් වාර්තා අදාළ අංශ සහ පුද්ගලයින් වෙත නිකුත් කිරීම.

                                                          02. ආයතනික ව්‍යුහය

ශ‍්‍රී ලංකා පොලීසියේ නිල ධූරාවලිය 

1. පොලිස්පති ජේයෂ්ඨ 
2. නියෝජ්‍ය පොලිස්පති 
3. නියෝජ්‍ය පොලිස් අධිකාරි 
4. පොලිස් අධිකාරී 
5. සහකාර පොලිස් අධිකාරී 
6. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක 
7. පොලිස් පරීක්ෂක 
8. උප පොලිස් පරීක්ෂක 
9. මහ සැරයන් 
10. පොලිස් සැරයන් 
11. පොලිස් කොස්තාපල් 

 පොලිස් ස්ථානයක සංවිධානාත්මක ව්‍යුහය 

1. පොලිස් ස්ථානාධිපති 
2. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක 
3. පොලිස් පරීක්ෂක 
4. උප පොලිස් පරීක්ෂක 
5. පොලිස් සැරයන් 
6. පොලිස් කොස්තාපල් 
7. ආධුනික පොලිස් කොස්තාපල් 
8. කණිෂ්ඨ නිලධාරීන් (සිවිල් ආරක්ෂක)

උඩුගම පොලිස් ස්ථානයේ ක‍්‍රියාත්මක විවිධ අංශයන් 

1. චෝදනාගාරය 
2. පාලන අංශය 
3. විවිධ පැමිණිලි අංශය 
4. අපරාධ අංශය 
5. රථවාහන අංශය 
6. ප‍්‍රජා පොලිස් ඒකකය 
7. ළමා හා කාන්තා කාර්යාංශය 
8. පාරිසරික අංශය

                                                       03. සැලසුම් සාරාංශය 

(01). ගැටලූව - උඩුගම පොලිස් බල ප‍්‍රදේශයේ පොලිස් ස්ථානය මහජනතාව සමඟ පවත්වන සම්බන්ධතාව පිළිබඳව තෘප්තිමත්භාවයට පත්වන්නේද?

(02). මූලික අරමුණු 
         උඩුගම පොලිස් ස්ථානයේ පොලිස් මහජන සම්බන්ධතාව ඉහළ නැංවීම 
         පොලීසිය හා මහජනතාව අතර අන්තර් සබඳතාවයක් ගොඬනඟා ගැනීම. 

(03). ඉලක්කගත ග‍්‍රාහක පිරිස 
         ප‍්‍රාථමික - උඩුගම පොලිස් බල ප‍්‍රදේශයේ මහජනතාව 
         ද්වීතියක - උඩුගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 

04. RACE ආකෘතියට අනුව මහජන සම්බන්ධතා සැලැස්මක් සකස්      කිරීම 

උඩුගම පොලිස් ස්ථානයේ මහජන සම්බන්ධතාව ඉහළ නැංවීම සඳහා මහජන සම්බන්ධතා සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වර්තමාන පොලිස් ස්ථානයේ ක‍්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන කරුණකි.දූෂණ වංචා වැඩි වීම, දේශපාලන බලපෑම් වලට පොලිස් නිලධාරීන් යටත් වීම,පොලීසිය පක්ෂපාතී වීම, නීතියට වඩා මුදලට මුල්තැන දීම, පොලිස් නිලධාරීන් පිළිබඳව මහජනතාව අතර අයහපත් ප‍්‍රතිරූපයක් පැවතීම වැනි හේතූන් නිසා පොලීසිය හා ජනතාව අතර සම්බන්ධතාව දුරස් වෙමින් පවතී. එම නිසා මහජන සම්බන්ධතාව ඉහළ නැංවීම සඳහා මහජන සම්බන්ධතා සැලැස්මක් සකස් කිරීම අවශ්‍යය ය. ඒ සඳහා භාවිතා කරන්නේ ප‍්‍රකට මහජන සම්බන්ධතා ආකෘතියක් වන RACE ආකෘතිය යි. 

1. R-  Reasearch - පර්යේෂණ 
2. A- Action Plane- ක‍්‍රියාත්මක සැලසුම් 
3. C- Communication - සන්නිවේදනය 
4. E- Evalution - ඇගයීම

(01) Reasearch - පර්යේෂණ

උඩුගම පොලිස් ස්ථානයේ මහජන සම්බන්ධතාව වර්ධනය කිරීමට නම් මහජන සම්බන්ධතා සැලැස්මකට අනුව කටයුතු කිරීම වැදගත් ය. මෙහි දී මහජන සම්බන්ධතා සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පර්යේෂණයන් සිදු කළ යුතුය. ඒ අනුව පර්යේෂණයක් සිදු කිරීමේදී අභ්‍යන්තරික හා බාහිර වශයෙන් පර්යේෂණයන් සිදු කළ යුතුය.

අභ්‍යන්තරික වශයෙන් පර්යේෂණ සිදු කිරීම යනු, ආයතනය (උඩුගම් පොලිසිය* තුළ පර්යේෂණයක් සිදු කිරීමයි.ඒ සඳහා පොලිස් ස්ථානාධිපතිතුමා ගේ අවසරය ලබා ගැනීම, මහජන සම්බන්ධතාව පිළිබඳ පොලිස් නිලධාරීන්ගේ අදහස් විමසීම, පොලිස් නිලධාරීන්ගේ සහයෝගය පර්යේෂණ සිදුකිරීම සඳහා ලබා ගැනීම මෙහිදී සිදු කරනු ලබයි. එහිදී උචිත පර්යේෂණ ක‍්‍රමවේදයක් වන ප‍්‍රශ්නාවලි ක‍්‍රමය යොදාගනිමින් පොලිස් නිලධාරීන් තිස්දෙනෙකුගෙන් සහ පොලිස් බල ප‍්‍රදේශය තුළ පදිංචිකරුවන් තිස්දෙනෙකුගෙන් ද තොරතුරු ලබා ගන්නා ලදි.

පර්යේෂණ ක‍්‍රමයේ දී, උචිතම විශ්ලේෂණ ක‍්‍රමයක් ලෙස ීඋධඔ විශ්ලේෂණ ක‍්‍රමය හැඳින්විය හැකිය. මෙම විශ්ලේෂණ ක‍්‍රමය ලොව පිළිගත් වඩා ප‍්‍රචලිත විශ්ලේෂණ ක‍්‍රමයකි.

                                                     05. තත්ත්ව විශ්ලේෂණය

01. SWOT  ආකෘතිය අනුව පොලිස් ස්ථානයේ අභ්‍යන්තර විශ්ලේෂණය 

1. S-  Strenght - ශක්තීන් 
2.W- Weakness - දුර්වලතා 
3. O- Opportunities  - අවස්ථාවන් 
4. T- Threats - තර්ජන


 1.Strenght - ශක්තීන්
  •  ප‍්‍රමාණවත් පොලිස් නිලධාරීන් පිරිසක් සේවයේ යෙදී සිටීම. 
  •  උඩුගම නගරයට ආසන්නයේ පිහිටා තිබීම. 
  •  මහජනතාවට අත්‍යවශ්‍ය ආයතනයක් වීම. 
  •  මහජනතාවට සේවය වඩාත් ඉක්මනින් සැලසිය හැකි වීම. 
  •  උගත් සහ පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් සේවයේ යෙදී සිටීම. 
  •  ආයතනික ධූරාවලිය ක‍්‍රමානුකූල වීම. 
  •  නීතිය හා සාමය ආරක්ෂා කිරීම. 
  •  ප‍්‍රදේශය තුළ සිදුවන සොරකම් හා අපරාධ මර්ධනය 
  •  අත්අඩංගුවට ගත් වැරදිකරුවන් පැය 24 ක් ඉක්ම යාමට පෙර අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමේ පහසුව  හා හැකියාව වඩාත් හොඳින් පැවතීම. (පොලිස් ස්ථානය ආසන්නයේම උඩුගම මහේස්ත‍්‍රාත් අධිකරණය පිහිටා තිබීම. 
2.Weakness  - දුර්වලතා 
  •  ව්‍යාපෘතිය සඳහා පැවතිය යුතු තාක්ෂණික දැනුම හිඟතාව. 
  • දේශපාලන මැදිහත්වීම් පැවතීම. 
  • සොරකම් වංචා දූෂණවලට නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම. 
  • නීති විරෝධී වැලි ගොඩ දැමීම, රක්ෂිත වනාන්තර විනාශය, බලපත‍්‍ර නොමැතිව ලී ප‍්‍රවාහනය සඳහා තවමත් නීතිය නිසියාකාරව ක‍්‍රියාත්මක නොවීම.(කන්නෙලිය රක්ෂිත වනාන්තරය විනාශය හා ගිංගෙඟ් ඉවුරු විනාශය) 
  • ක‍්‍රමවත් මහජන සම්බන්ධතා සැලැස්මක් ක‍්‍රියාත්මක නොවීම. ෆනීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන්    වැටලීම් කිරීමට පොලීසිය අසමත් වීම.( ප‍්‍රදේශය පුරා නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථාන පැවතීම.) පැමිණිලි විභාග කිරීමේ දී පොලීසිය කාර්යක්ෂ නොවීම නිසා මහජනතාව අපහසුතාවට ලක්වීම. 
3.Opportunities - අවස්ථාවන් 
  • මහජන අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීමට සුදුසු පොලිස් ස්ථානයක් නිර්මාණය කරගත හැකි වීම. 
  • මහජනයා සමඟ යහපත් අන්තර් සම්බන්ධතාවක් නිර්මාණය කරගත හැකි වීම. 
  • උඩුගම පොලිස් වසම තුළ ප‍්‍රජා සත්කාරක වැඩසටහන් සංවිධානය කළ හැකි වීම. 
  • උඩුගම පොලිස් වසම තුළ මහජනතාවට බියක් සැකයක් නොමැතිව ජීවත්වීමට හැකි පරිසරයක්   නිර්මාණය කළ හැකි වීම. 
  • මිනිසුන් අතර සහජීවනය ගොඬනැගීමට කටයුතු කළ හැකිවීම. (සිංහල හා දමිල ප‍්‍රජාව වැඩි වශයෙන් උඩුගම ප‍්‍රදේශයේ ජීවත් වේ. )
 4.Threats - තර්ජන 
  •  මහජනතාව පොලිසිය පිළිබඳව පවත්නා බිය. 
  •  පොලීසිය පිළිබඳව පවත්නා මහජන මතය පසුගාමී වීම/මහජන විශ්වාසය බිඳ වැටීම. 
  •  පොලීසිය පිළිබඳව සෑබෑ ගරුත්වයක් මහජනයාට නොමැති වීම. 
  •  දේශපාලන බලපෑම්වලට යටත් වීමට සිදු වීම. 
  •  උසස් නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් කණිෂ්ඨ නිලධාරීන්ට ස්වාධීනව තම සේවය කළ         නොහැකි වීම.
  •  යුක්තිය පසිඳලීමට යාමේදී විවිධ අතපසුවීම් සිදු වීම.  
  • මහජනතාවට පොලීසිය හා නීතිය පිළිබඳ පවත්නා අනවබෝධය. 
  • අනවශ්‍ය පොලිස් ප‍්‍රශ්න කිරීම්වලට ලක්වීම නිසා බොහෝ සිදුවීම් පිළිබඳ පැමිණිලි කිරීමට මහජනතාව මැලිකමක් දැක්වීම. (ලිංගික අපයෝජන හා ස්ත‍්‍රී ¥ෂණ වැනි* 
  • පැමිණිලි විභාග කිරීමේදී පොලීසිය කාර්යක්ෂම නොවීම නිසා, මහජනතාව අපහසුතාවකට ලක් වීම. ඒ හේතුවෙන් පොලීසිය යනු රස්තියාදු වන ස්ථානයක් බවට මහජනතාව තුළ මතයක් ගොඩනැඟීම. 
  • ප‍්‍රදේශ තුළ පවත්නා පොලිස් ස්ථාන අතුරින් වඩාත්ම කාර්යක්ෂම හා ඵලදායීතාවයෙන් යුතු පොලිස් ස්ථානයක් බවට පත් කළ හැකි වීම. 
  • දේශපාලනික බලපෑම්වලින් තොරව සැමට නීතිය සමාන ලෙසින් පොදුවේ ක‍්‍රියාත්මක කිරීම.
උඩුගම පොලිස් ස්ථානයේ බාහිර පරිසරය පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා ගුණාත්මක විශ්ලේෂණ ක‍්‍රමයක් වන ීඛෑඡුඔ ක‍්‍රමය මෙහිදී භාවිතා කරන ලදී. මෙම ක‍්‍රමය අනුව පොලිසඋඩුගම පොලිස් ස්ථානයේ බාහිර පරිසරය පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා ගුණාත්මක විශ්ලේෂණ ක‍්‍රමයක් වන ීඛෑඡුඔ ක‍්‍රමය මෙහිදී භාවිතා කරන ලදී. මෙම ක‍්‍රමය අනුව පොලිස් ස්ථානයේ බාහිර පරිසරය (පොලිස් බල ප‍්‍රදේශ පිළිබඳ විමසා බැලිය යුතුය.) 

02.SLEPT ආකෘතිය අනුව පොලිස් ස්ථානයේ බාහිර විශ්ලේෂණය.

1). S -  Social- ආයතනයක සමාජීය තත්ත්වය 
2). L – Legal - ආයතනයක නීතිමය තත්ත්වය 
3). E – Environmental - ආයතනයක පාරිසරික තත්ත්වය 
4). P -  Political - ආයතනයක දේශපාලන තත්ත්වය 
5). T - Technological- ආයතනයක තාක්ෂණික තත්ත්වය

    
1) Social - ආයතනයක සමාජීය තත්ත්වය

උඩුගම පොලිස් බල ප‍්‍රදේශය පිළිබඳව, එහි ප‍්‍රජාව පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගත යුතුය. පොලීසිය කෙරෙහි ප‍්‍රජාව තුළ විශ්වාසය පලූදු වීමකට ලක් වීමට හේතු වූයේ ඇයිද යන්න පිලිබඳවත්, මහජනතාව පොලීසිය පිළිබඳව දරන ආකල්පය කුමක්ද? මහජන විශ්වාසය පොලීසිය කෙරෙහි ඇතිකර ගැනීමට කළ යුතු දේ පිළිබඳවත් පූර්ණ අවබෝධයක් ලබා ගත යුතුය.

2) Legal- ආයතනයේ නීතිමය තත්ත්වය

ස්ථානයක මහජන සම්බන්ධතා සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා නීති නීති රීතිවලට අනුකූලව ක‍්‍රියාත්මක කළ හැකි ක‍්‍රමෝපායන් හා උපාය මාර්ග පිළිබඳව අවබෝධයක් සතුවිය යුතුය. එම නීතිමය රාමුව තුළ සිටිමින් මහජන සම්බන්ධතාව වර්ධනය කිරීම සඳහා කළ හැකි කාර්යයන් ක‍්‍රියාත්මක කළයුතුය. නිලබල ක‍්‍රමය අනුව සැකසුණු නීතිමය ආයතනයක් නිසා පොලීසිය එම විශ්වාසය රැුකිය යුතුය.

3) Environmental - ආයතනික පාරිසරික තත්ත්වය

පොලිස් ස්ථානය සඳහා මහජන සම්බන්ධතා සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමේදී පාරිසරික වශයෙන් එල්ල විය හැකි බලපෑම් බාධාවන්, අභියෝගයන් පිළිබඳව අවබෝධය සතු විය යුතුය. ඒවාට ගත හැකි නිසි ක‍්‍රියාමාර්ග පිළිබඳව දැක්විය යුතුය.

4) Political  - ආයතනයක දේශපාලන තත්ත්වය

පොලිස් ස්ථානය රජයේ ආයතනයක් බැවින් මෙයට ඍජු දේශපාලනික මැදිහත්වීමක් සිදු කරනු ලබන අවස්ථාවන් දැකිය හැකිය.වරදකරුවන් නීතිය ( අධිකරණය * හමුවට පැමිණවීමේදී ද ඊට බාධා එල්ලවනු ලැබේ.දේශපාලනික මැදිහත් වීමකින් තොරව පොලීසිය මහජනතාව සමඟ සම්බන්ධතා පැවැත්විය යුතුය.දේශපාලඥයා තරහකර නොගෙන දේශපාලනය සමබරව තබාගනිමින් නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය.එසේ නොවුවහොත් පොලීසියට තම රාජකාරිය නිසි අයුරින් ඉටු කළ නොහැකි ය.

5) Technological- ආයතනයක තාක්ෂණික තත්ත්වය

 මහජන සම්බන්ධතා සැලසුම ක‍්‍රියාත්මක කිරීමේදී පොලිස් ස්ථානයේ පවත්නා තාක්ෂණික පහසුකම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. තාක්ෂණික දියුණුවත් සමඟ තාක්ෂණයේ භාවිතාව පුළුල් විය යුතුය. මෙහිදී මහජනයා සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අවශ්‍ය පරිදි තාක්ෂණය භාවිතයට ගත යුතුය. පරිගණකය දත්ත ගබඩා කිරීම සඳහා යොදාගැනීම, මහජනයාට අවශ්‍ය කරන තොරතුරු වඩාත් කාර්්‍යක්ෂමව එමඟින් ලබාදිය හැකිය. ත්‍ඉ ත්‍්බැ ඡු්ටැ වැනි දේ නිර්මාණය මඟින් පොලීසිය කෙරෙහි මහජනයා තුළ පවත්නා අදහස් ලබාගත හැකිය.

02. Action Plan - ක‍්‍රියාත්මක සැලසුම 

මෙහි දී මහජන සම්බන්ධතාව ගොඩනඟා ගැනීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව දැක්විය යුතුය.පොලීසියේ ඇති දුර්වලතාවයන්, තර්ජන යනාදීය මඟහරවා ගනිමින් පොලීසිය හා මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම මෙහිදී සිදුවේ. ක‍්‍රමෝපායන් හරහා මෙය තවදුරටත් විස්තර කර ඇත. පොලිස් ස්ථානයට උචිත මහජන සම්බන්ධතා සැලසුමක් සකස් කිරීමේ සිට එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවෙහි දැක්වීම සඳහා වන කාල රාමුවක් සැකසීම මෙහිදී වැදගත්ය. කාල රාමුවට අනුව මහජන සම්බන්ධතා සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම මඟින් නියමිත කාලය අවසානයේ අපේක්ෂිත ප‍්‍රතිඵල ලබාගත හැකිය.

03.Communication - සන්නිවේදනය 

මෙහි දී පොලීසිය විසින් මහජන සම්බන්ධතාව ගොඩනැඟීම සඳහා ක‍්‍රියාත්මක කරනු ලබන සැලසුම් හා ක‍්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතුය. ඒ සඳහා සන්නිවේදනය ඉතා වැදගත්ය.සන්නිවේදනය නිසි අයුරින් සිදු නොවීමෙන් පොලීසිය පිළිබඳව මහජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව නොලැබී යනු ඇත.පොලීසිය හා මහජනතාව අතර මහජන සන්නිවේදනය වර්ධනය කිරීම සඳහා සන්නිවේදන උපක‍්‍රම ලෙස,
  • නව මාධ්‍යය යොදා ගැනීම. Fb Fane Page 01 ක් නිර්මාණය කිරීම .එහි පොලීසිය විසින් මහජන සම්බන්ධතාව වර්ධනය කිරීම සඳහා ගන්නා ලද ක‍්‍රියාමාර්ග, ප‍්‍රජා සහභාගීත්ව වැඩසටහන් පිළිබඳ ඡායාරූප, පෝස්ට් (Post) පළ කිරීම.
  • එම පළකිරීම් සඳහා අදහස් දැක්වීමට මහජනතාවට අවස්ථාව ලබා දීම. 
  • මහජන පැමිණිලි අදහස් හා චෝදනා පිළිබඳ විමසා බැලීමට වෙනම කමිටුවක් පත් කිරීම. 
  • මහජන පැමිණිලි අදහස් චෝදනා පළ කිරීමට අවස්ථාව ලබාදීම (පැමිණිලි පෙට්ටියක් * තැබීම. 
  • පොලීසිය ක‍්‍රියාත්මක කරනු ලබන මහජන සම්බන්ධතා වැඩපිළිවෙළ පිළිබඳව ප‍්‍රජාව අතර ප‍්‍රචාරණයක්  ලබාදීම.(සමාජ මාධ්‍ය තුළ පලකිරීම.) 
  • මහජන සම්බන්ධතාව පිළිබඳ කටයුතු කිරීමට විශේෂ පොලිස් නිලධාරියෙක් පත් කිරීම 
  • ලේ දන්දීම, ඇස් කණ්නාඩි බෙදා දීම වැනි ප‍්‍රජා සත්කාරක වැඩසටහන් පිළිබඳව අත් පත‍්‍රිකා බෙදා  දීම. 
  • අවුරුදු උත්සව,ආගමික උත්සව, සංස්කෘතික උත්සව පිළිබඳව මහමජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන්හි පෝස්ටර් ප‍්‍රදර්ශනය, ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදාගෙන දැනුවත් කිරීම් සිදු කිරීම.
04.Evaluation  - ඇගයීම

මෙහිදී උඩුගම පොලිස් ස්ථානය මහජන සම්බන්ධතා සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම් මඟින්, මහජන සම්බන්ධතා අරමුණු ක‍්‍රියාත්මක වී ඇත්ද යන්න තීරණය කළ හැකිය. පොලීසිය ක‍්‍රියාත්මක කරන ලද මහජන සම්බන්ධතා සැලැස්ම පිළිබඳ ප‍්‍රජාව තුළ පවතින තෘප්තිමත්භාවය හා එහි ප‍්‍රගතිය මැන බැලිය හැකිය. ඒ සඳහා ජනතාව දක්වන ලද ප‍්‍රතිචාර ද ඉවහල් වනු ලැබේ.
  • Fb Pane Page එක තුළ වැඩසටහන් පිළිබඳ පළකීරීම් සඳහා කොපමන ප‍්‍රමාණයක් Like හා     Commentsලැබී ඇත්ද යන්න මඟින් මහජන අදහස් මැන ගත හැකි වීම. 
  •  ප‍්‍රජාවට පවත්නා ගැටළු පිළිබඳව සෘජුවම ඔවුන් සමඟ සාකච්ඡුා කිරීම. 
  •  මහජනතාවට පොලීසිය පිළිබඳ පවත්නා අවබෝධය හා විශ්වාසය වර්ධනය වීම. 
  •  මහජනතාවට බියෙන් හා සැකෙන් තොරව තම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම. 
  •  අපක්ෂපාතීව පොලීසිය ක‍්‍රියාත්මක වීම හේතුවෙන් මහජනයාට සාධාරණයක් ඉටු වීම. 
  •  පොලීසිය හා මහජනතාව අතර සුහදත්වයක් ගොඩනැඟීම. 
  •  අපරාධ ,වංචා , දූෂණ, නීති විරෝධී ක‍්‍රියාවන් රහිත සාමකාමී පොලිස් බල ප‍්‍රදේශයක් නිර්මාණය.  දේශපාලනික බලපෑම් වලින් තොරව පොලීසිය නීතිය සැමට පොදුවේ ක‍්‍රියාත්මක කිරීම.
  • පොලිස් නිලධාරීන්ගේ සේවක සුභ සාධනය ඉහළ නැංවීම. එමඟින් පොලිස් නිලධාරීන් තම සේවය පිළිබඳ තෘප්තිමත්භාවයෙන් කටයුතු කිරීම. 
  • පොලීසිය ක‍්‍රියාත්මක කරනු ලබන ප‍්‍රජා සත්කාරක වැඩසටහන් පන්සලේ ස්වාමීන් වහන්සේ හරහා      ක‍්‍රියාත්මක කිරීම. එහිදී ප‍්‍රජාවට පොලිස් නිලධාරීන් පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වීම. 
                                                              05. ග‍්‍රාහක අරමුණු       
  • නීතිය හා සාමය ආරක්ෂා කිරීම. 
  • වරදකරුවෙකු වරදකරුවෙකු ලෙස සනාථ වන තෙක් දණ්ඩනයට යටත් නොකිරීම. 
  • දේශපාලඥයින්ගේ පුද්ගලික හිතවත්කම් මත දඬුවම් පැමිණවීමට හෝ පැමිණවීමෙන් වළක්වා ගැනීමට    කටයුතු නොකිරීම. 
  • පක්ෂපාතී නොවී අපක්ෂපාතිව නීතිය සැමට පොදුවේ ඉටුකිරීම.          
  • පක්ෂපාතී නොවී අපක්ෂපාතිව නීතිය සැමට පොදුවේ ඉටුකිරීම. 
  • පොලිස් නිලධාරීන් මුදලට යට නොවීම. 
  • පොලීසිය තම පොලිස් බල ප‍්‍රදේශය තුල මහජනතාව සමඟ මහජන සම්බන්ධතාව හා විශ්වාසය ගොඩනඟා ගැනීම. 
  • පන්ති භේද, ජාති ආගම් කුල භේද නොසලකා හැර සැමට සමාන ලෙස කටයුතු කිරීම. 
  • පොලිසිය මහජනතාවට සේවය සැපයීමට සිටින ආයතනයක් බව ඔප්පු කර පෙන්වීම. 
  • උඩුගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තුළ මහජන සම්බන්ධතාවය පිළිබඳ පවත්නා දැනුම   පුළුල් කිරීම. 
                                                              06. ක‍්‍රමෝපායන්  
  •  ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කිරීම. 
  •  අවුරුදු උත්සව සංවිධානය කිරීම.  
  • වෙසක් සමයට වෙසක් කූඩු නිර්මාණය හා වෙසක් කූඩු නිර්මාණ තරඟවලට සහභාගී වීමට ප‍්‍රජාවට අවස්ථාව ලබාදීම. 
  • දන්සල් පැවැත්වීම ඒ සඳහා මහජන දායකත්වය ලබාගැනීම. 
  • පොලීසිය මඟින් සිදුකරන ලද සේවාවන් හා ක‍්‍රියාකාරකම් ඇතුළත් කිරීම සඳහා ත්‍ඉ ේබ ඡු්ටැ 1න නිර්මාණය කිරීම. එම ඡු්ටැ එක තුළ කරනු ලබන පළකිරීම් සඳහා මහජන අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම. 
  • සේවය ලබා ගැනීම සඳහා පොලීසියට පැමිණෙන මහජනතාව සමඟ සුහදව කතා කරමින් අන්තර් පුද්ගල සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම. 
  • මහජනතාවට පොලීසිය පිළිබඳව අදහස් යෝජනා සහ චෝදනා දැක්වීමට අවස්ථාව ලබාදීම.  
  • අවට පරිසරය පිරිසිදුව හා මල් වවා අලංකාර කිරීම.
  • ප‍්‍රදේශයේ පන්සල් සියල්ලෙහිම නායක ස්වාමීන් වහන්සේලා සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම. ඔවුන්ගේ අනුශාසනා ලබා ගැනීම. ප‍්‍රදේශය තුළ සිදුකරන කටයුතු සඳහා ස්වාමීන් වහන්සේලා ද සම්බන්ධ කර ගැනීම. (දැනුවත් කිරීමේ වැඩසටහන්/ ප‍්‍රජා සත්කාරක වැඩසටහන්) 
  • පන්සල්හි පවත්වනු ලබන ආගමික උත්සවවලදී විවිධ සමාජ සත්කාරක වැඩසටහන් අවස්ථාවන්හිදී පොලීසිය සහයෝගය ලබා දීම. 
  • පොලීසිය මුදල් හා බලයට යට නොවී රාජකාරී කටයුතු සාධාරණව ඉටු කිරීම. 
  • තරාතිරම නොබලා (ධනවත්, දුප්පත්) පන්ති භේද නොසලකා රාජකාරිය ඉටු කිරීම. පොලීසියේ දැක්ම හා මෙහෙවර පිළිබඳ ප‍්‍රදර්ශනය කිරීම. 
  • ප‍්‍රජාව දැනුවත් කිරීමේ දේශන පුළුල් කිරීම. (අපරාධ, ළමා හිංසන, කාන්තා හිංසන, රථවාහන, මත්ද්‍රව්‍ය ආදිය පිළිබඳව  
  • ඩෙංගු ඇතුළු බෝවන රෝග පිළිබඳව දැනුවත් කිරීම. 
  • පාසල් දරුවන් දැනුවත් කිරීමේ දේශන ක‍්‍රියාත්මක කිරීම පුළුල් කිරීම. (ළමා හිංසන, ළමා අපචාර, නායකත්ව ආදිය)  
  • පාසල් හැරගිය දරුවන් (ඉලක්කගත කණ්ඩායම් (වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීමට පවත්වන ලද වැඩමුළු දේශන පුළුල් කිරීම. (ආධුනිකත්ව මණ්ඩලය / කාර්මික විද්‍යාලය )  
  • පාසල් වෑන් රථ රියදුරන්,සහයකයින් දැනුවත් කිරීම. 
  • බස් රථ,ත‍්‍රීවිල් රථ/ලොරි රථ හා අනෙකුත් වාහන රියදුරන්, කොන්දොස්තරවරුන්, මගීන් හා පාරිභෝගිකයන් දැනුවත් කිරීම. 
  • මත් ද්‍රව්‍ය හා මත්පැන් උවදුර දුරු කිරීම සඳහා පවත්වන ලද දැනුවත් කිරීම් පුළුල් කිරීම හා වැටලීම් නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම. 
  • පාසල් දරුවන් අතර කථික තරඟ, චිත‍්‍ර තරඟ, අනෙකුත් ක‍්‍රීඩා තරඟ පැවැත්වීම. 
  • ප‍්‍රජා සහභාගීත්වයෙන් උත්සව පැවැත්වීම. (අවුරුදු උත්සව, ආගමික උත්සව, ක‍්‍රිකට්, අත්පන්දු) ආදී ක‍්‍රීඩා තරඟ පැවැත්වීම. 
  • ආගම් අතර සහජීවනය ඇති කිරීම සඳහා පවත්වන ලද වැඩසටහන්, මං මාවත්, ලඳු කැලෑ, පාළු ස්ථාන ආදිය සුද්ද පවිත‍්‍ර කිරීමේ ශ‍්‍රමදාන (ඩෙංගු මර්ධන/පරිසර පවිත‍්‍රතා) ආදිය පැවැත්වීම. 
  • ප‍්‍රජා සේවාවන් (මං මාවත් සැකසීම්/නිවාස තනාදීම්) ආදිය ක‍්‍රියාත්මක කිරීම. 
  • සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් මඟින් ප‍්‍රජාවේ සංවර්ධනය උදෙසා ක‍්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලවල් පිළිබඳ සාර්ථක තොරතුරු ලබා ගැනීම. 


1 comment:

                                        රූමස්සල හා බැදි ජනශ‍්‍රැතිය හා ජනප‍්‍රවාද  රූමස්සල යනු ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර ප‍්‍...