දයාසේන ගුණසිංහ මහතා
70 දශකය තුළ බිහි වූ කවීන් අතරින් සමකාලීන සමාජ ප‍්‍රශ්න කෙරෙහි වඩා ආසක්ත වු
කවියෙකු වශයෙන් දයාසේන ගුණසිංහ සඳහන් කළ හැකි ය. ඒ අනුව පවතින ධනවාදී සමාජයට අයත්
පන්ති විෂමතාවන් දැකීමෙන් හටගත් කම්පනය පළ කිරීම මොහුගේ බොහෝ පද්‍යවල පොදු
ලක්ෂණයක් වී ඇත. ඒ අනුව යමින් සමාජ යථාර්ථය තියුණු විවේචනාත්මක විරෝධාකල්ප ජනනය
කරන දෘෂ්ටියකින් නිරූපණය කිරීමට ඔහු සමත් වූයේ ය. මොහුගේ කාව්‍ය නිර්මාණ ලෙස රන්
තැටියක කඳුළු, නොවදිමි සිදුහත්, දොරමඬලාව යන්න හඳුන්වා දිය හැකි ය.
දයාසේන ගුණසිංහයන් රචිත නොවඳිමි සිදුහත් නමැති කෘතියෙන් උපුටා ගන්නා ලද‘එතර
ගිය පොඩි දුවට‘ යන කාව්‍ය නිර්මාණයට විෂය වූයේ දරුවන් පිට රටට විකිධෑම නම් වූ කටුක
අත්දැකීම යි. එම යථාර්ථය නිර්මාණශීලීව පාඨකයාට දැනවීමට කවියා උපයුක්ත භාෂාව ඉතාමත්
අපූර්ව ය.
”වැහැරී ගිය
උකුලේ නැත
සුව යහනක් රැඳුණේ
වියළී ගිය දෙතනේ නැත
කිරි බිඳුවක් එරුණේ
කප පවතින තුරු
නොනිමෙන
සුසුමෙන් සමු ගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක
නුඹ
මඟ අයිනක රැඳුණේ”
ආර්ථික දුෂ්කරතා හමුවේ, දරු සෙනෙහස මඳකට අමතක කොට සිය දරුවන්ගේ ජීවිතය හෝ සුඛිත මුදිත කිරීමේ
අටියෙන් දරුවන් පිටරටකට විකිධෑමට සිදු වූ යුගයක් 70 දශකය තුළ ලංකාව තුළ
පැවතුණි. ”අපේ රටේ දරුවන් සිව් දෙනෙකුට ස්වීඩනයේ මව්පිය සෙනෙහස උරුම වෙයි” යන
පුවත්පත් වැකිය මෙහිදී දයාසේන ගුණසිංහයන් තම පද්‍යය නිර්මාණය සඳහා වස්තු විෂය බවට
පත් කරගෙන ඇත. මෙහි භාෂා භාවිතය මඟින් වඩාත් ත්ව‍්‍රරව පාඨකයාට මෙම සමාජ යථාර්ථය
දැනවීමට කවියා සමත් වෙයි.
තවද දයාසේන ගුණසිංහයන් රචිත‘නොවඳිමි සිදුහත්‘ කාව්‍යය කෘතියේ ඇතුලත්, ‘කිසාගෝතමියක
නොවේ’ පද්‍යය නිර්මාණය ද, සමාජය තුළ පවත්නා ආර්ථික දුෂ්කරතා හමුවේ, පීඩනයට පත්වන පහළ
නිර්ධන පාංතික අම්මා කෙනෙකුගේ ජීවන අත්දැකීම් ය. ඇයට මුහුණ දීමට සිදුවන ජීවන
යථාර්ථය යි. වෙසක් පොහෝ දින රාත‍්‍රියේ තම බිළින්දා සෙමෙන් මියයද්දී, ඇය අයැද
සිටින්නේ දරුවා රැුක ගැනීමට උපකාර කරන ලෙස යි.
”වීදි සරනා
මවක දුටුවෙමි
දෑස කඳුළින් තෙමී
අඳවුණ
ඇගේ ළමැදෙහි ගුළිව
නිහඬව
නොමළ බිළිදෙකි
සෙමින් මියයන
අර්ථ පූර්ණ හා ධිවනි පූර්ණ භාෂාවක් භාවිතය මඟින්, මෙම
අනුවේදනීය පුවත ඉතාමත් සංවේදී විය යුතු අවස්ථාවක් ලෙස කවියා ඉදිරිපත් කර ඇත. වීදි
සරණා මව්වරුන්ට උරුමවන ජීවිතය යථාර්ථවත් ලෙස මෙහි නිරූපණය කර ඇත.
”කිසාගෝතමියක
ලෙසින් ඇය
ලොවට අතපා අයැද
සිටියේ
මියැදි බිළිඳුට නැවත
පණ නොව
මියෙන පොඩි පුතු
රකින මඟ කිය”
මෙරට පංති විෂමතාවය නිසා ඇතිවන සංකීර්ණ ගැටළුවක් තේමා කර ගනිමින්, සමාජ
අසාධාරණය ඉස්මතු කරලීමට කවියා ගත් උත්සාහය විශිෂ්ට ය. මෙහි භාෂා භාවිතය ඉතාමත්
නිර්මාණාත්මක, ධිවනි පූර්ණ හා අර්ථ පූර්ණ ලෙසින් යොදා ඇති ආකාරය දැකගත හැකි ය. වීදි සරනා
මවිවරු පිළිබඳ පිළිකුලෙන් නොව සංවේදීව බැලිය යුතු හඳවතක් ඇති කිරීමට කවියා මෙහි දී
උත්සාහ දරා ඇත.
දයාසේන ගුණසිංහයන්ගේ පද්‍ය නිර්මාණවල ඇති විශේෂත්වය වන්නේ සමාජ යථාර්ථයන්
ඉතාමත් අපූර්ව භාෂාවක් භාවිතයෙන් ගෙන ඒමට සමත්කම් දැක්වීම යි. මීට අමතරව ඔහුගේ
අනෙකුත් පද්‍ය නිර්මාණයන්හිදී ද මෙම ලක්ෂණය දැකගත හැකි ය.ඔහු පාඨකයාගේ හදවතට ආමන්ත‍්‍රණය
කරන කවියෙකු විය.
දයාසේන ගුණසිංහයන්ගේ පද්‍ය නිර්මාණවල ඇති විශේෂත්වය වන්නේ සමාජ යථාර්ථයන්
ඉතාමත් අපූර්ව භාෂාවක් භාවිතයෙන් ගෙන ඒමට සමත්කම් දැක්වීම යි. මීට අමතරව ඔහුගේ
අනෙකුත් පද්‍ය නිර්මාණයන්හිදී ද මෙම ලක්ෂණය දැකගත හැකි ය.ඔහු පාඨකයාගේ හදවතට ආමන්ත‍්‍රණය
කරන කවියෙකු විය.
දයාසේන ගුණසිංහයන් විසින් මෙම පද්‍ය පංති 02 කට අමතරව,තවත් පද්‍ය
නිර්මාණ රැුසක් පළ කරන ලදි. එම නිර්මාණයන් ද, නිර්මාණාත්මක ගුණයෙන් අනූන නිර්මාණයන් ලෙස පෙන්වාදිය හැකි ය.
1). කුණාටුවක්,සැන්ඳෑවක් හා මළගමක්
2). නිසොල්මන් හන්තාන කඳු සිඛර
දයාසේන ගුණසිංහ මහතා කෙටිකතාකරණයට අවතීර්ණ වූයේ, ඉකුත් 70 දශකයේදී ය.
සිය පළමු කෙටිකතා සංග‍්‍රහය වන‘කැනල් පාරේ නිශාචරයෝ’ (1986) කෘතියෙහි ප‍්‍රකට
කළ නිර්මාණාත්මක ගුණය නිසාම ඔහු 1986 වසරේ හොඳම කෙටිකතා සංග‍්‍රහය සඳහා වන රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනා ගත්තෝ
ය. ලාංකේය කෙටිකතා කලාව, සමකාලීන සමාජ සංසිද්ධීන් විවරණය කිරීමෙහිලා උපයෝගී කරගත හැකි සාහිත්‍යාංගයක්
බව ඔප්පු කරමින් මෙමඟින් ලාංකේය කෙටිකතාකරණයට නව ඇසක් විවර කර දුන්නෝ ය. ‘කැනල්
පාරේ නිශාචරයෝ’ කෙටිකතා සංග‍්‍රහයෙහි,
- කැනල් පාරේ නිශාචරයෝ
- යක්ෂයාගේ රාත‍්‍රිය
- පින් කුකුළා හැඬලූ වගයි
- මැණික් සොයන්නෝ
- කපිතන්ගේ පුතුන් දෙදෙනා යන කෙටිකතා 05 ඇතුලත් ය.
ඔහුගේ දෙවන කෙටිකතා සංග‍්‍රහය වන ‘කේතුමතී හෝටලයේ රාත‍්‍රියක්’ (1990* දී, ප‍්‍රකාශයට
පත් වූ අතර, එයද හොඳම
කෙටිකතා සංග‍්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සමිමානය දිනාගත්තෝ ය. ‘කේතුමතී හෝටලයේ
රාත‍්‍රියක්’ කෙටිකතා සංග‍්‍රයෙහි,
- මාවතේ දරුවෝ
- අවියක් නැති සෙනෙවියෙක්
- කේතුමතී හෝටලයේ රාත‍්‍රියක්
- වෘත්තාකාර බන්ධනාගාරයක්
- ඉන්දුගේ ස්වයංවරය
- හිරුගේ චිතකය
- කොටියාගේ බිරිඳ යන කෙටිකතා 07 ඇතුළත් වේ.
දයාසේන ගුණසිංහගේ කෙටිකතා ප‍්‍රධාන තේමාවන් දෙකක් ඔස්සේ විමසා බැලීමට
පිළිවන. එනමි සාහිත්‍යමය ප‍්‍රකාශනයක් හා සමාජමය ප‍්‍රකාශනයක් වශයෙනි. මෙම ප‍්‍රකාශනමය
ස්වභාවයන් දෙක අවියෝජනීය හා දැඩි අන්තර් සමිබන්ධයක් සහිත ආකෘතීන්ගෙන් ඔහුගේ
කෙටිකතා තුළ අන්තර්ගතව තිබේ.
කෙටිකතාව යනු, කුමක් දැයි ඔහු නිර්වචනය කරන්නේ,
”කෙටිකතාව යනු, ජීවිතයේ සමීප රූපයකැයි මම කියන්නෙමි. නිර්වචනයක් වශයෙන් එම කියමන කිසිසේත්
ම පරිපූර්ණ නොවන බවට විවාදයක් නැත. එහෙත් කෙටිකතාවේ සමස්ථ ස්වභාවය පිළිබඳ ඉඟියක් ඒ
තුළ ගැබි වී ඇතැයි මම සිතමි”.
(දයාසේන ගුණසිංහ)
එසේම දයාසේන ගුණසිංහ මහතා පුවත්පත් කලාවේදියෙකු වශයෙන් ද භූමිකාව ඉටු කරන
ලදි. සිලෝන් ඬේලිනිවුස් පත‍්‍රයේත්, සිළුමිණ පත‍්‍රයේත්, කර්තෘ මණ්ඩලවල සේවය කළේ ය. 1991 දී දිවයින ඉරිදා සංග‍්‍රහය කර්තෘ මණ්ඩලයට බැඳුණි. පත‍්‍රකලා ජීවතයේදී, වඩාත් ප‍්‍රකට
වූයේ, තීරු ලිපි
රචකයෙකු ලෙසිනි.
දයාසේන ගුණසිංහ තීරු ලිපි රචනයට පිවිස ඇත්තේ, ඔහුගේ පුවත්පත් කලා
දිවියේ මුල් සමයේදී ය. ඉකුත් සියවසේ 70 දශකය වන විටත්, ඔහු ජනකාන්ත තීරු ලිපි රචකයෙකු බවට පත්ව සිටියේ ය. ඔහුගේ මුල්ම තීරු ලිපි
පෙළ ලියවුණේ සිළුමිණ පුවත්පතටය. ඒ ‘රයිගම්රාල’ යන සිරසිනි. රයිගම්රාලගේ තීරු ලිපිය
තරමක් දිග ව්‍යක්ත රචනයක් විය. ඔහු දිවයින ඉරිදා සංග‍්‍රහයේ කතුවරයා බවට පත්
වීමෙන් පසුවද, ඒ තීරු ලිපියම තව දුරටත් එම පුවත්පතෙහිදී ද පවත්වාගෙන ගියේ ය.
පත්තර කාරයෙකුගේ ස්වාධීනත්වය උපරිම තලයෙන් භාවිත කරමින්, තීරු ලිපි
කලාවෙහි ඔහු පෙළහර පෑවේ ඉරිදා දිවයින කරන සමයේදී ය. රයිගම්රාලට අමතරව වරින් වර
කලින් කලට ඔහු විසින් එම පුවත්පතට ම තවත් තීරු ලිපි ගණනාවක් ලියන ලද්දේ ය. ”සීයාගේ
කෝලම, උකුස්සා, භූත රිපෝටර්
සහ හලෝ හලෝ යන සිරස් තල ඔහු ඒ සඳහා තෝරාගත්තේ ය. මේ තීරු ලිපි රචනා පහම එකිනෙකට
වෙනස් පස්වගක රීතියෙන් ලියන ලද බැව් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය කි.
මෙකී පංචවිධ තීරු රචනා අතර, සීයාගේ කෝලම පාඨකයන් අතර ජනප‍්‍රියත්වයට පත් වූවා පමණක් නොව, සමාජයේ
විවිධ තලයන් හි කිසියම් කම්පනයක් ඇති කිරීමට ද සමත් විය.
දයාසේන ගුණසිංහයන් නිර්මාණකරණයේ දී විශිෂ්ඨයෙකු ලෙස හඳුනාගත හැකි වන්නේ, මෙපරිද්දෙන්
ඔහුගේ අනෙකුත් නිර්මාණ පිළිබඳවද අවධානය යොමු කිරීමෙනි.කවිය, නිසදැස, කෙටිකතාව
පමණක් නොච තීරු ලිපි රචනයෙහිදී ද ඔහුගේ නිර්මාණාත්මක හැකියාව මනාව පිළිබිඹු කොට
ඇති බව පෙන්වා දිය හැකි ය.
”රන්තැටියක කදුළු”(1974) නිර්මාණය පිළිබඳ විචාරය
”මා පමණි ඔබ කැටුව ආවේ
මම ද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්
මෙතෙක් ලොව නොඇසුව
මියුරු නැලවිලි ගී
ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදිවන ඇසිපියෙන්
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් ඒ රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකි බිඳියි කම්පාව
දස එකඩ මසක් ඈ රැුකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුළට වූ බහිරවයින්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොලූ වෙමින් අසරණව
සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඬැලි පෙරළන්න
මවගේ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති
කිරි ගරුඬ කොත් හෙලන
අඳුරු සෙවනැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින් ”
රන් තැටියක කදුළු නමින් 1974 දී තම ප‍්‍රථම කාව්‍යය සංග‍්‍රහය පළකොට ඇති දයාසේන ගුණසිංහ කවියා දශක දෙකක
පමණ කාලයක් තුළ කාව්‍යය සංග‍්‍රහ තුනක් පළකරන ලද නිර්මාණශීලී කවියෙකි. ඔහුගේ
දෙවෙනි කාව්‍යය සංග‍්‍රහය ”නොවඳිමි සිදුහත් වූ අතර, අවසාන කවි එකතුව ”
දොරමඬලාව” නමි විය. රූපකාර්ථවත් බස, කාව්‍යය අනුභූතියෙහි විශද කරනු ලබන අපූර්වත්වය මෙන් ම ජීවිත පරිඥානය, යථාර්ථවාදී
ගුණය, දයාසේන
ගුණසිංහ කවියාගේ කවි මෙ`ගහි කැපී පෙනෙන සාධනීය ලක්ෂණ වේ.
‘රන් තැටියක කදුළු’ නමින් පළකරන ලද ඔහුගේ ප‍්‍රථම කාව්‍යය සංග‍්‍රහයෙන්
උපුටාගත් ‘රන් තැටියක කදුළු’ නම් නිසඳැස් කාව්‍යය නිර්මාණය, අහිමි වූ
දියණියක පිළිබඳ පියෙකු සන්තානයෙහි උපන්නාවු දරු සෙනෙහස හා ශෝකය මනාව කවියට නඟමින්, පාඨක සිත්
සතන් ද දරු සෙනෙහසින් මෙන් ම, දියණියක් උපන්දිනයේදීම අහිමි වු කල්හි පියෙකු හද රිදවන ශෝකයෙන් ද පුරවමින්
හදවත සසල කරන අත්දැකීමකට හවුල් කරගන්නා නිර්මාණයක් ලෙස ‘රන් තැටියක කදුළු’ පෙන්වා දිය
හැකි ය.
දෙමව්පියන්ගේ ලෝකය තම දරුවන්ය. දරුවන්ට දෙමව්පියන් දක්වන සෙනෙහසට සීමා
මායිම් නැත. දෙමව්පියන්ට දරුවන් අහිමි වීම තරම් චිත්ත පීඩාවක් තවත් නොමැති තරම් ය.
එය මුළු චිත්තයම දැවී අළු වී යන තරම් වේදනාවකි. මීට නිදර්ශන වර්තමානයේ පමණක් නොව
බුද්ධකාලීන භාරතය දෙස බැලීමේ දී පවා දැකගත හැකි ය. සිදුහත් කුමරු ගිහිගෙය හැරයාම
නිසා ශෝකයෙන් පසු වු, සුද්දෝධන රජුට නන්ද හා රාහුල කුමරුනුත් අහිමි වීම නිසා දැනුනු චිත්ත පීඩාව
හේතුවෙන් ඔහු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ, දෙමාපියන්ට දරුවන්
මැණිකක් බවත්,දෙමාපිය අවසරය නොමැතිව කුල දරුවන් පැවිදි නොකරන ලෙසත් පවසමිනි. බිම්බිසාර
රජු තම පුත් අජාසත්ත කුමරු බිළිඳු අවධියේ දී ඇඟිල්ලක හටගත් සැරවා ගෙඩියක වේදනාව පහ
කිරීමට පුතුගේ ඇඟිල්ල පිය රජුගේ මුවේ දමාගෙන වේදනාව පහ කරන ලදි. පියවරු දරුවන්ට
ඇති ආදරය ප‍්‍රසිද්ධියේ පළ නොකරති. නමුත් හදවතින් තම දරුවන්ට මහමෙරක් තරම් ආදරය
දක්වති. දරුවෙකු මවගේ කුස පිළිසිඳ ගත් දිනයේ පියෙකු මහත් ප‍්‍රීතියටත්,උද්දාමයටත්
පත්වෙති. දස මසක් පුරාවට මවක් දරුවා කුස තුළ දරා සිටියදී, පියා ඔහුගේ
හදවතෙහි තම දරුවා දරා සිටී. තම බිරිඳගේ ආරක්ෂාවත්, රුචි අරුචිකම් ඉටු
කිරීමත් පියෙකු දිවා ? නොබලා වෙහෙසෙන්නේ, හෙට දිනයේ ලොව දකින්නට සිටින තම දරුවාට යහපත් වූ ජීවිතයක් ලබාදීමේ
අපේක්ෂාවෙනි. එසේ බලාපොරොත්තු සහගත දෑස් දල්වා සිටින පියෙකුට තම දරුවා උපන් දිනයේ
දීම මිය යාම තරම් වේදනාවක් තවත් නොලැබෙනු ඇත. උපන් දිනයේ දීම තම බිළිඳුගේ වියෝව
පියෙකුගේ සිතිවිලි වලට නැෙ`ගන අයුරු මෙම පද්‍ය නිර්මාණය මඟින් කවියා ගෙන එයි.
”මා පමණි ඔබ
කැටුව ආවේ
මම ද යමි දියණියනි,
මොහොතකින් සඳ ඒවි
තනියට
රන් තැටිය පුරවා
කදුළින්”
කවියා ඉතා අපූරුවට ළමා ලෝකයට ආවේණික වූ සුන්දර වස්තුවක් සංක්ෂිප්ත කොට ගෙන
ජනශ‍්‍රැතියේ අප කියවා පුරුදු කිරි පැණි පුරවාගෙනෙන රන්තැටිය වෙනුවට කඳුළු
පුරවාගත් රන් තැටිය ගෙන ‘සඳ ඇගේ තනියට ඒවි’ යැයි කවියා පවසන්නේ, පාඨක සිත්
කඳුළින් පුරවමිනි. පුරාණෝක්තියේ එන හඳ හාමි සංකල්පයට නවීන නිර්මාණකරුවන් විසින්
වරින් වර නවීන අර්ථකථන එක්කොට ඇති බව අපි දනිමු. රන්තැටියට කිරි පැණි පුරවාගත්
හඳහාමී දැන් නොඑන බව මහින්ද අල්ගම ගීත රචකයා පවසන්නේ, මෙසේ ය.
”රන් තැටියට
කිරි පැණි පුරවාගෙන
හඳහාමි දු බලන්න
එනවලූ
එපා දුවේ ඒ කතා
අහන්නට
මේ නැළවිලි ගී
මමයි කියන්නේ”
දයාසේන ගුණසිංහ කවියා පවසන්නේ, ඇගේ තනියට හඳහාමී එනමුත් හඳහාමී රන්තැටිය පුරවා ගෙනෙන්නේ‘කිරි පැණි වෙනුවට
කඳුළු බව යි.
පියවරු දියණියන්ට බොහෝ සේ ආදරය දක්වති. පියෙකුගේ රැුජිණිය වන්නේ දිනක තම
දියණිය යි. පියෙකු හා දියණියක අතර පවතින්නේ, මනෝවිද්‍යානුකූල සම්බන්ධතාවයකි. දියණියන් වැඩි වශයෙන් තම පියාට ආදරය, සෙනෙහස
දැක්වීම දැකගත හැකි ය. එවන් සමාජ පසුබිමක දී පියෙකුට දියණියක් අහිමි වීම යනු, කොයිපමණකින්
චිත්ත පීඩාවක්දැයි කිව මනා නොවේ.
මියගිය බිළිඳිය කැටුව සුසාන භූමියට පැමිණ සිටින්නේ,පියා
පමණි.ඔහු ද තවත් මොහොතකින් ඈ එහි තනිකොට යා යුතු ය. මව තවමත් දරුවාගේ අහිමි වීම
නොදනී. එම නිසා සුසාන භූමිය කරා තනිව පැමිණෙන පියාට තම බිළිඳු දියණියව එහි හැරදා
යාමට සිදුව ඇත. ඉන්පසු ඇගේ තනියට කඳුළින් රන්තැටිය පුරවා ගත්, සඳ ඒවි යයි
පියා පවසයි. බිළිඳු දියණියකගේ මුහුණ සඳක් මෙන් සෞම්‍යය ය. ඒ තරමටම සිසිලසය. ඒ
මුවෙහි කිරි සිනාව බිළිඳාගේ සුරතල් බව තවත් වැඩි කරයි.
කුඩා වියේ දී, දරුවන්ට සඳ පෙන්වමින් දෙමාපියන් දරුවන්ව නැළවීමටත්, බත්
කැවීමටත් කටයුතු කරනු ලබයි. හඳහාමි රන් තැටියකට කිරි පැණි රැුගෙන එනු වෙනුවට
රන්තැටිය කඳුළින් පුරවා රැුගෙන දියණියගේ තනියට ඒවි යයි පියා පවසයි.තව මොහොතක්
පමණක් සොහොන ළඟ රැුදෙන පියාට තම දියණියව සදහටම හැරදා යාමට සිදුවන බව කථකයා පවසන්නේ
දැඩි වෙිදනාවකින් යුක්තව ය.
”මෙතෙක් ලොව
නො ඇසුව
මියුරු නැළවිලි ගී
ළයට කැටි කොට නිදයි
ඔබෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක
බිහි නොවූ හෙට දවස
ඇය නොඳත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකි බිඳියි
කම්පාව”
මෙතෙක් කිසිදිනෙක ලෝකයට නොඇසුන මියුරු නැළවිලි ගී තම ළය තුළ රුවාගෙන මව
තවමත් නින්දේ ය. තම බිළිඳු දියණිය අහිමි වූ වග මව තවමත් නොදනී. තම බිළිඳිය අලංකාර
වූ නැළවිලි ගී ගයමින් පපුවට තුරුල් කරගෙන නැළවීමට මව සිහින දකිනවා විය යුතු ය.
ගැහැණියක් මවක් වීම යනු, තම දිවියේ ලබන උතුමි පදවිප‍්‍රාප්තිය යි. මවකගේ අඟය, සෙනෙහස, ආදරය වඩාත්ම
කාන්තාවකට දැනෙනුයේ, තමා ද මවක් වන දිනයේදී ය. දරුවකු මෙලොව දකින මොහොතේ මවකට දැනෙන ප‍්‍රීතිය
අන් කිසිවකට සමාන කළ නොහැක. ඇගේ වෙිදනාව අමතක කොට දාරක ස්නේහය වෙනුවෙන්, රතුවන්
රුධිරය කිරට හැරෙන්නේ, දරු සෙනෙහස නිසාවෙනි.එවන් මවකට දරුවා ප‍්‍රසූතියෙන් පසු, මියගොස් ඇති
බව වෛද්‍යවරුන් පැවසුවහොත් ඇයට දැනෙන වේදනාව ද, අන් සියල්ල පරයා නැඟී
සිටී. ඇයට මුළු ලොවම අහිමි වූවා වැනි වේදනාවක් දැනෙනු නිසැක ය.
ඈ නින්දෙන් අවදි වූ විගස තම දියණිය තමාට අහිමි වූ පුවත පිළිබඳ රහස හෙළි වූ
පසු ඇගේ ලෝකය බිඳී සුන්ව ගොස් කමිපාව ඉකිබිඳිනු ඇත. මුළු ලොවටම කෑ ගසා හැඞීමට තරම්
වේදනාවක් ඇගේ හදවතට දැනෙනු ඇත. ඇගේ ඒ වේදනාව කාලයක් ගතවනතුරුම සිත වේදනාවට පත්
කිරීමට කටයුතු කරයි.
”දස එකඩ මසක්
ඈ රැුකි
සෙනෙහසේ නිධානය”
මවක් දස මසක් පුරාවට දරුවෙකු තම ගැබ තුළ දරාගෙන ආරක්ෂා කරන්නේ,තම ඇස් දෙක
මෙනි. තමා ගන්නා ආහාර පාන පිළිබඳව පවා දැඩි සැලකිල්ලක් දක්වයි. තමාගේ අසනීපයකදී
පවා ඖෂධ ලබා ගැනීමට මැළි වෙයි. ඒ එම ඖෂධ මඟින් දරුවාට අනතුරක් වේ යැයි බියෙනි.
නෙතට නිසි සුව නිඳි නොලබා ඇය ගෙවන්නේ ඉතා දුෂ්කර වූ කාල පරිච්ජේදය කි. තබන හැම
පියවරක් පාසා සැලකිලිමත් වන්නේ, තම බිළින්දාට කිසිඳු අනතුරක් නොවීමට ය. අධික රස්නය, අධික සීතල
පවා තම දරුවාට දැනේවි යැයි බියෙන් මව තම දෛනික ජීවිතයේ කටයුතු පවා වෙනසකට ලක්කර
දරුවා ආරක්ෂා කරයි. දරුවා සෙනෙහසේ නිධානය යැයි පවසන්නේ,ඒ තරමි
වටිනාකමක් දෙමාපියන් දරුවෙකුට ලබාදෙන බැවිනි.
”උණහපුළු අම්මාටත් උගේ පැටියා මැණිකක් ලූ” යනුවෙන් සමාජය තුළ ව්‍යවහාර වන්නේ
නිකමට නොවේ. එනම් ලොව සියලූ මව්වරුන්ට තම දරුවන් මැණිකක් මෙන් වටිනා බැවිනි.
මවකගේ සෙනෙහස පිළිබඳ කවි ගී බොහොමයක් රචනා වී ඇත්තේ ද මාතෘ සෙනෙහස කිසිවකට
සමකළ නොහැකි බැවිනි.මානකඳුරේ පඤ්ඤාසාර හිමි දේශනා කරන ලද ‘අම්මා’ පිළිබද කියැවෙන
කවි බණ තුල ද මවක් සතු දරු සෙනෙහස පිළිබද කියැවේ.
”මව්කුස තුළ
මා සිටි ඒ කාලේ
මවගේ හදවත දැනුණි ඒ
වේලේ
තිබුණු කැලැන්ඩර
ගෙයි මැද සාලේ
බලමින් උන්නා නිතර
දෙවේලේ
උෂ්ණ දෙයක් කෑවේ
නැති අම්මා
සීතලටත් බිය වුවා
අම්මා
ගමනත් පරිස්සමින්
ගිය අම්මා
මගේ පනයි මගේ ආදර
අම්මා”
මවක් තම ගැබ තුළ දරුවා දරා සිටින කාලයේ කොපමණ පරිස්සම් වෙනවාදැයි මින්
පෙන්වාදිය හැකි ය. ඒ තරම් ආරක්ෂා කර මෙලොව එළිය දකින දිනයේ දීම, තම දරුවා
මියයාම මව්පියන්ට මහත් සිත් වේදනාවක් ලබාදෙයි. මෙහිදී පියෙකුගේ සෙනෙහස ද මවට
දෙවෙනි නැත. තම ලෙයින් ජාතක වූ තම උරුමය දැක ගැනීමට පියෙක් නොනිමි ආශාවකින් පසුවනු
ලබයි. එවැනි පියෙකුට ප‍්‍රාණය නිරුද්ධ වු තම දරුවාගේ සිරුර දැකීම තරම් වේදනාකාරී
හැඟීමක් තවත් නොවනු ඇත. එහිදී පියාට වේදනාව සමඟ සිතට නැෙ`ගන්නේ, සියුමි
තරහකි. ඒ වෛද්‍යවරුන්ට තම දරුවාගේ ජීවිතය රැුක දීමට නොහැකි වීම පිළිබඳව ය. වෛද්‍යවරුන්ගේ
වරදින් තම බිළින්ඳා අහිමි වු බව සිතීමට තරමි පියෙකුගේ චිත්තය සකස් වන්නේ, පීතෘ
සෙනෙහසේ වින්දනය විදගැනීමට නොහැකි වූ වේදනාව නිසාවෙනි.
”වෙස් මුහුණු
තුළට වූ බහිරවයන්
නුහුරු බස්
තෙපළමින්
වට වෙමින්
අඬු නියෙන්
පැහැර සඟවන
අතර
බලා සිටියෙමි කොනක
ගොළු
වෙමින් අසරණව”
දස එකඩ මසක් පුරා මවක් රකින ලද සෙනෙහස නම් නිධානය නමින් මෙහිදී කවියා
දරුවෙකුගේ වටිනාකම නිධානයකට සමාන කර දක්වා ඇත. එවන් වූ සෙනෙහසේ නිධානය සඟවන ලද්දේ, වෙස් මුහුණු
ළාගත්, අඬු නියන්
ආදිය අතැතිව සිටින බහිරවයන් පිරිසක් විසින් යැයි පියා සිතයි. සාමිප‍්‍රදායික සමාජය
තුළ ගැමියා තම වටිනා දෙයක් අහිමි වූ විට ‘බහිරවයන් ගිලා ඇති බව, යනුවෙන්
පවසන වදන මෙම නිර්මාණය සඳහා ද කවියා යොදාගෙන ඇත. දරුවා අහිමි වීම නිසා වෛද්‍යවරුන්
බහිරවයන් ලෙසට උපමා කර දක්වනු ලැබී ඇත. එය පියෙකුගේ දෘෂ්ටියෙන් කවියා ගෙන එන්නේ, වෙස් මුහුණ
තුළ වූ බහිරවයන් නුපුරුදු භාෂාවකින් කතා කරමින්, අඬු නියන් රැුගෙන
දරුවාගේ ප‍්‍රාණය සැඟවූ බවයි.
නමුත් එහිදී කිසිවක් කරගත නොහැකි වූ පියාට ඉතා අසරණව වචනයකුදු කතා කරගත
නොහැකිව පසෙකට වී බලා සිටීමට සිදු වී ඇත. පියෙකුට කතා කරගත නොහැකි තරමට ම අසරණ
වන්නේ, දරුවා අහිමි
වීමේ කම්පනය නිසා විය යුතු ය.
දෙමාපියන්ට දරුවන් අහිමි වීම තරම් සිත් වේදනාවක් තවත් නැත. එහිදී තම දෙ අත්
මත තම දරුවාගේ මළ සිරුර තබාගෙන ගොස් මිහිදන් කිරීමට සිදුවීම තරම් අවාසනාවන්ත
සිදුවීමක් පියෙකුගේ ජීවිතයේ තවත් නොමැති ය
”සෙමෙන් තව
තව සෙමෙන්
පස් පිඬැලි පෙරලන්න.
මවගෙ
ඇකයෙහි පහස
නොදත්
දැරියකි සිඟිති”
තම බිළිඳු දියණියව මිහිදන් කිරීමේ දී, ඒ මොළකැටි සිරුරට රිදුම් දේ යැයි බියෙන් පියා පවසන්නේ, ඉතාමත්
සෙමෙන් පස් පිඬැලි පෙරළන ලෙසයි. ටිකින් ටික පස් පිඬැලිවලට යටවී යන දියණියගේ සිරුර
පියා සිහිපත් කරනුයේ, මවගේ තුරුලේ උණුසුම් සුවයවත් විදීමට නොහැකි වූ ඒ සුවය නොදත් සිඟිති දැරියක්
ලෙසිනි. එබැවින් තම දියණියට නොරිදන ලෙස පියා ඉල්ලා සිටිනුු ලබ යි.
දයාසේන ගුණසිංහයන් මෙම නිර්මාණය තුළ දී නිර්මාණාත්මක ව බස හසුරුවා ඇති බව
දැකගත හැකි ය. ගැමි සමාජයෙහි පවත්නා හුරු පුරුදු භාෂා රටාවක් මෙහිදී යොදාගෙන ඇති
බව පෙනේ. එමඟින් පාඨකයාට වඩාත් සියුම් ව මෙම වේදනාකාරී හැඟීම දැනවීමට උත්සාහ දරා
ඇත.
”කිරි ගරුඬ
කොත් හෙලන
අඳුරු සෙවණැලි
අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න
දියණියනි”
අඳුරු සෙවණැලි පතිත වන්නේ, කිරි ගරුඬ කොත් වලිනි. එහෙත් ඒ ලොව බිළිඳියට නුහුරු නුපුරුදු වූ ලෝකයකි.
එහි සැතපෙන්නයි කවියා දියණියට පවස යි. සුදු පාටින් අඳුරේ සෙවණැලි මවන සොහොන් කොත්
සහිත බිම තම සිඟිති දියණියට නුහුරු නුපුරුදු ලෝකයක් වනු ඇත. නමුත් එම ලෝකය තුළ
සැතපෙන්න යැයි පියා පවසන්නේ, තම වේදනාව සිත් හි දරාගෙන ය. දියණියට මේ පොළොව සුව යහනක් නොවන බව පියා
දන්නා නමුත්, එහි සුවෙන් සැතපෙන්න යැයි යන චේතනාවෙන්, ‘සැතපෙන්න දියණියනි’
යනුවෙන් පවසනු ලබයි. එහදී දියණියගේ තනි මකන්නට,
”මොහොතකින්
සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා
කඳුළින්”
යනුවෙන් සඳ පැමිණෙනු ඇතැයි පියා පවස යි. රන් තැටිය පුරවා කඳුළින් බිළිඳිය
ජනිත කළ මව මේ කිසිවක් නොදැන තවමත් නින්දේ ය. තම දියණිය උපතේදීම හෝ ඉන් මොහොතකට
පසුව හෝ මිය ගොස් ඇති බව ඈ නොදන්නී ය. මවගේ පහසවත් නොලත් බිළිඳියගේ නිසල සිරුර
කිරිගරුඬ කොත් හෙළන සෙවණැලි අතර, මිහිදන් කළෝ ඇගේ පියාණන් ය. මව තවමත් නින්දේ බැවින් ඇගේ ශෝකය අපට නොදැනේ.
එහෙත් මේ පද්‍ය නිර්මාණයේ දී,අපට හමුවන පියා ඒ ශෝකජනක ඉරණමට ගොදුරුව සිටි යි. ජීවිතයේ විවිධ අවස්ථාවන්හි
දී ස්ත‍්‍රීන්ට, පුරුෂයන්ට මෙබඳු අනපේක්ෂිත ඉරණමකට ගොදුරු වීමට සිදුවෙයි. බලාපොරොත්තු සිත්
හි දරාගෙන ඔවුන්ගේ, ජීවිතයට, නිවසට පැමිණෙන අලූත් අමුත්තා පිළිගන්නට සැරසී සිටින කල, එම අපේක්ෂා
බිඳ වැටීම වාවනු නොහැකි තරම්, මැඩ පැවැත්විය නොහැකි තරම් වේදනාවක් වේ.
මේ කවියේ නිරූපිත අත්දැකීම තුළ ඒ කම්පාවෙන් දුක් විඳින්නේ, බිළිඳියගේ
පියා පමණි. එහෙත් මේ කම්පා වී ඉකිබිඳින්නේ,බිහි නොවු හෙට දවසෙහි ය. එනම් දැරියගේ මව අවදි වූ සැණින් ඇගේ ප‍්‍රාර්ථනාවන්
ද සුනු විසුණු වී යනු ඇත. තමන්ගෙන් ඈත් වුවත් නුහුරු නුපුරුදු ලොවක කිරි ගරුඬ කොත්
හෙළන අඳුරු සෙවණැලි අතර සැතපෙන්නයි, දියණියට පවසන්නේ,
කඳුළු පුරවාගත් රන් තැටිය රැුගෙන සඳ ඇගේ තනියට එන්නේ යයි විශ්වාසයෙනි. රන්
තැටියක කඳුළු මේ පද්‍ය නිර්මාණය පුරා ශෝකය හා දුක ගලා යන්නේ, කවියා තම
අනුභූතිය සංකේතාර්ථ හා රූපකාර්ථ පිරි භාෂා භාවිතයකින් ගොඬ නංවා ඇති බැවිනි. දයාසේන
ගුණසිංහයන්ගේ නිර්මාණ අතර ”රන් තැටියක කඳුළු” නම් නිසදැස් නිර්මාණය නිර්මාණාත්මක
බව අතින් අගය කළ හැකි නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය.